gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්!

මෙරට පැවති LTTE ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට වසර 17ක් සපිරීම නිමිත්තෙන් “ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය“ සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන්ම මේ වසරේදී හෙට (19) දින පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී මෙම සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත බව රණවිරු සේවා අධිකාරිය සදහන් කරයි.

මෙවර සැමරුම් උත්සවය සදහා පළමුවරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් එක්වන බව රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන සඳහන් කරයි.

ඒ අනුව යුද, නාවික, ගුවන්, පොලිස් හා විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍ය භට බලකාය, රණසේවා අධිකාරිය සහ රණවිරු දෙමව්පියන් මෙන්ම ඥාතීන් සහ විශේෂ ආරාධිතයන් ඇතුළුව 2,769 දෙනෙකු මේ සඳහා සහභාගී වීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka