අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි – මහ බැංකු අධිපති
අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේ පසුගිය සිකුරාදා (13 ) පැවැති මුදල් කාරක සභාවට එක්වෙමින් පැවසූ බව වාර්තා වේ.
මුදල් කාරක සභාවේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතා විසින් වර්තමානයේ පවතින යුදමය වාතාවරණයට අදාළව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙසේ පැවසී යැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ.
පවතින තත්ත්වය මත ඉන්ධන පාරිභෝජනය අවම කිරීමේ අවශ්‍යතාව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ දී පෙන්වා දී තිබෙන බවත් අගමැතිවරයා ඒ බව පෙන්වා දී ඇත්තේ ඩොලර් බිලියන 700ක සංචිතයක් තිබියදී බවත් ඔහු එහිදී පවසා ඇත.
ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවතුණහොත් රට තවත් අවදානම් තැනට පත් වන බව ද දැනට පවතින වාතාවරණය අනුව ඉදිරි මාස තුන සම්බන්ධයෙන් පුරෝකථන කිරීම අපහසු බවද වීරසිංහ මහතා එහිදී පෙන්වාදී ඇත.
සිදුවීම් ඉක්මනින් වෙනස් වෙමින් පැවතීම ඊට හේතුව බව ද ඔහු එහිදී පෙන්වා දී තිබේ.
ඉන්දියාව දැනට ම රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමට යොමු කර තිබෙන බව ද කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා ද මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය්‍යාංශයේ අවධානය යොමු කළ යුතුව ඇතැයි ද ඔහු එහිදී පවසා ඇත.
මේ පුවත තව අයට බලන්න
අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි – මහ බැංකු අධිපති
2026-05-18T10:36:00+05:30
Gossip Lanka Hot News






