gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

"ආණ්ඩුවට හිතවත් කල්ලියක් මේ ඉන්නේ, අන්තරේ මෙතන නෑ..." අන්තර් භික්ෂුන්ගෙන් සැර කතාවක්!... මල්වානේ අවුල තවත් ඇවිලෙයි!

මම මැදිරිගිරියේ ඉස්සරධම්ම හාමුදුරුවෝ, කැඳවුම්කරු, අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලය.
අපි ඇත්තටම කියනවා නම් මේ වෙලාවේ රටේ හැමෝම සාකච්ඡා කරන මාතෘකාවක් වෙලා තියෙන්නේ යම්කිසි කණ්ඩායමක් ගිහිල්ලා මල්වානේ අතහැරලා දාපු එහෙමත් නැත්නම් රජයට අයිති ගෙදරකට ගිහිල්ලා ඒක බලහත්කාරයෙන් අත්පත් කරගන්න එහෙමත් නැත්නම් මොකක් හරි විදිහක අරගලයක නිරත වෙනවා කියන කාරණාව.
🔥 මේකෙදි පැහැදිලිව කියන්න ඕන මෙතන කිසිම විදිහක අරගලයක් එහෙමත් නැත්නම් සටනක් ක්‍රියාත්මක වෙන්නේ නෑ.
පළමුවෙන්ම කියන්න ඕන මෙතන අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලයවත්, අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයවත් මෙතනට කිසිම සෘජු මැදිහත්වීමක් නෑ.
විශ්වවිද්‍යාලයේ ඉන්න පොදු ශිෂ්‍යයොත් මේකට සම්බන්ධ නෑ කියන එක අපි පැහැදිලිවම කියන්න ඕන.
🚨 මෙතන ඉන්නේ ආණ්ඩුවට හිතවත් මාලිමාවේ එක්තරා ශිෂ්‍ය කණ්ඩායමක් තමයි මෙතන ගිහිල්ලා එක එක නම් පාවිච්චි කරමින් එක එක ශිෂ්‍ය ව්‍යාපාරයේ යම්කිසි විදිහක නම අවභාවිතා කරමින් කටයුතු කරන්නේ.
මෙතනදි මොවුන් මෙතන කරන්නේ සම්පූර්ණ සංදර්ශනයක්. ඒක මුල් අවදියේ ඉඳලා දිගටම මේගොල්ලෝ අනුගමනය කරන වැඩපිළිවෙල දැක්කහම ඕනම කෙනෙකුට, ළදරුවෙකුට වුණත් තේරෙන කාරණාවක්.
⚠️ මුල් අවස්ථාවේ එතනට ගිහිල්ලා මැදිහත් වෙනකොට පොලිසියේ මැදිහත්වීම කොහොමද තිබුණේ, ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද තිබුණේ කියන එක පැහැදිලියි.
මෙතන ගිහින් බලපුවහම ඇත්තටම මේකෙ අභ්‍යන්තරයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන නම පාවිච්චි කරමින් ආණ්ඩුවට හිතවත් මාලිමාවේ එහෙමත් නැත්නම් ජාතික ජන බලවේගයේ යම්කිසි කල්ලියක්, ක්‍රියාකාරී කල්ලියක් තමයි මෙතන කටයුතු කරන්නේ.
📈 මේ වෙලාවේ ඔවුන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ප්‍රමාණයක් තියෙනවා.
ඔවුන් තමයි පහුගිය දවස්වල ගෙනල්ලා තියෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එහෙමත් නැත්නම් ඊනියා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හොඳයි මේවා දිගටම කරගෙන යන්න කියලා කියලා පහුවදා ආණ්ඩුව විසින් හකුලා ගත්තේ.
🔥 ආණ්ඩුවට හිතවත් පිරිසක් තමයි මෙතන කටයුතු කරන්නේ. මේ කට්ටිය ගිහිල්ලා මෙතන මේ ආණ්ඩුවටත් බොරුවට බැන බැන සෝබන දානවා, එක එක සංදර්ශන දානවා.
මෙතන පැහැදිලිවම යම්කිසි ස්ක්‍රිප්ට් එකක් එහෙමත් නැත්නම් යම්කිසි තිර රචනයක් තමයි මෙතන රඟ දක්වමින් ඉන්නේ.
🚨 ආණ්ඩුව විසින් මේ වෙලාවේදී විශ්වවිද්‍යාල වලට උසස් අධ්‍යාපන ආයතන වලට ප්‍රතිපාදන වෙන් කිරීමේදී 2026 අයවැයෙන් බිලියන 2100ක් පමණ කප්පාදු කරලා අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් කප්පාදු කරලා කටයුතු කරගෙන යන ගමන් තමයි මේ ආණ්ඩු හිතවත් පිරිස මේ විදිහට පාවිච්චි කරලා මේ මැදිහත්වීම් කරන්න අරක මේක කියලා එක එක සංදර්ශන දාගෙන යන්නේ.
🌍 ආණ්ඩුවට රටේ මිනිස්සු 2/3ක බලයක් දීලා තියෙනවා. 159ක මන්ත්‍රී ආසන ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ලබා දීලා තියෙනවා. විධායක ජනාධිපති ක්‍රමයක් තියෙනවා.
ඔවුන්ට සියලුම බලයන් දීලා තියෙන්නේ මේ අයථා ලෙස හම්බකරපුවා රජයට පවරාගන්න එහෙමත් නැත්නම් අයථා ලෙස හම්බකරපුවා මහජනතාවට ප්‍රයෝජනය සඳහා පාවිච්චි කරන්න කියන කාරණාව මත.
⚠️ ආණ්ඩුවට මේ දේවල් කරන්න නීතිමය බලය එහෙමත් නැත්නම් අවශ්‍ය කරන සියලුම ප්‍රතිපාදන තියෙද්දි ආණ්ඩුව මේ වගේ කල්ලි පාවිච්චි කරලා සංදර්ශන කරන්න ඕන නෑ.
ඔවුන් සංදර්ශන මාලාව ලස්සනට කරගෙන යනවා. මේක පැහැදිලියි. ඔවුන් මේ කියන්න හදන්නේ පාලුවට ගියපු ගෙවල් දොරවල් තියෙනවා නම් අපෙන් බලහත්කාරයෙන් පැනලා අත්පත් කරගන්න පුළුවන්කම කියන එක තමයි පණිවිඩය තමයි රටට දෙන්න යන්නේ.
🚨 ඒක ඇත්තටම හොඳයි ඒක දිගටම එහෙම වෙනවා නම්!
මොකද අපි රජරට විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ප්‍රශ්නයක් ඇවිල්ලා විශ්වවිද්‍යාලයට ආසන්නයේ තිබුණ රජයේ නිවාඩු නිකේතනයට ගියපු වෙලාවේ අදටත් මේ ජාතික ජන බලවේග ආණ්ඩුව ඉන්න සමයේම පස් දෙනෙකුට නඩු!
අනුරාධපුර අධිකරණය තුළ මෙහෙම නඩු පවරලා තියෙන්නේ මේ විදිහට මේ රජයේ නිවාඩු නිකේතනයේ ගිහිල්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පවරලා දෙන්න කියපු එකට.
🔥 ඒකේ චෝදනාව තියෙන්නේ බලහත්කාරයෙන් ඇතුල්වීම සහ එතන ගිහිල්ලා නීති විරෝධී රැස්වීමක් පැවැත්වූවා කියන චෝදනාව.
එතකොට රජයේ දේපල වලට ඇතුලත් වෙනකොට රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට එක විදිහකුයි ආණ්ඩුවට හිතවත් කල්ලියට තව විදිහකුයි පාවිච්චි වෙනවා කියලා කියන්නේ මේක පැහැදිලිවම ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් එකක් කියන එක ආයේ අමුතුවෙන් කියන්න ඕන නෑ.
⚠️ ඔවුන් මේ කියන්නේ ඒ වගේ අතහැරලා දාපු එහෙමත් නැත්නම් රජයට අයිති මොනවා හරි දේපල තියෙනවා නම් ශිෂ්‍යයන්ට පවරාගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙන එක නම් ආණ්ඩුවේ උත්තරය විදිහට තියෙන්නේ, ඔව් අපිත් කියනවා එහෙම තමයි වෙන්නත් ඕන මෙච්චර කාලයක්.
මොකද අපි ගිහිල්ලා බලහත්කාරයෙන් ඒ දේවල් අත්පත් කරගන්න එහෙමත් නැත්නම් ඒවා රජයට එහෙමත් නැත්නම් ශිෂ්‍යයන්ට අධ්‍යාපන ක්ෂේත්‍රයට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පවරන්න කියලා ඉල්ලීම් කරද්දි ඒවට දීපු උත්තර මොනවද කියලා අපිට පැහැදිලියි.
🚨 බැටන් පොලු වලින්, කඳුළු ගෑස් වලින්, වෝටර් කැනන් වලින් ඒ වගේම තමා නඩු වලින් තමයි උත්තර දුන්නේ. අත්අඩංගුවට ගැනීම් වලින් තමයි උත්තර දුන්නේ.
ඔළු පලලා හොස්පිටල් නතරවෙන විදිහට තමයි උත්තර දුන්නේ. හැබැයි මේ වෙලාවේදී එහෙම එකක් නෑ කියලා රටට දෙනවා.
හැබැයි ඒක හොඳයි ආණ්ඩුවෙන් දෙන උත්තරේ, අපි රටේ ජනතාවටත් කියනවා මෙන්න මේ විදිහට අතහැරලා දාපු දේවල් තියෙනවා නම් ඒවා ඇත්තටම රජයට පවරා ගන්න ඕන නිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕන.
🔥 ඒකට තමයි රටේ ජනතාව ආණ්ඩුවට බලය දුන්නේ. හැබැයි ඒ දේවල් එහෙම කරන්නේ නැතුව මේ සංදර්ශන නාට්‍ය කරන එක නම් මේක ඇත්තටම විහිළුවක් වෙලා තියෙන්නේ.
පැහැදිලිවම කියනවා අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලය විදිහට මේ ආණ්ඩුවට හිතවත් කල්ලියේ මේ වෙලාවේ මේ කරන එක හරහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ නම, නමේ.. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ කීර්තියට හානියක් වෙලා තියෙනවා.
ඒ වගේම තමා ශිෂ්‍ය ව්‍යාපාරයට විශාල පෞරුෂ හානියක් වෙලා තියෙනවා.
⚠️ මේක ආණ්ඩුව විසින් කරගෙන යන කුමන්ත්‍රණයක්! පැහැදිලිවම භික්ෂු අන්තරේ විදිහට මේක හෙලා දකිනවා සහ දැඩි විවේචනයක් එල්ල කරනවා මේ ශිෂ්‍ය කණ්ඩායමට විරුද්ධව.
අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බලමණ්ඩලයවත් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයවත් මේකෙ නෑ කියන එක අපි නැවත වතාවක් පැහැදිලිව කියනවා. මෙතන ඉන්නේ ආණ්ඩුවට හිතවත් කල්ලියක්.
ඔවුන්ගේ පහුගිය කාලසීමාව තුළ හැසිරීම් රටාව හොඳම උදාහරණය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ කියලා කියද්දි ආණ්ඩුවෙන් පහුවදා මේක අකුලා ගන්නවා කියලා ඔවුන් අවුරුද්දකට අකුලා ගත්තා.
🚨 එතකොට මෙයාලා කරන කියන දේවල් ආණ්ඩුවත් එක්ක හරිම සංනිවේදනයකින්, දිගු සැලැස්මක් එක්ක වෙනවද කියන එක නෙමෙයි ආණ්ඩුවෙන් කියන්නේ මොකක්ද හිතවත් පාර්ශවය කියන්නේ මොකක්ද කියන එක ගිහිල්ලා ඩෝං ගාලා කරනවා, හැබැයි පස්සේ ඒකෙ ප්‍රතිඵල ඇත්ත විදිහට රිදි ගැළවුනාට පස්සේ ඔවුන් ඒවා හකුලා ගන්නවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka