මේ ආණ්ඩුව දුවන්නේ අවුරුදු 12න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් වගේ - අර්ජුන රණතුංගගෙන් දැඩි විවේචනයක්.... නැවත දේශපාලනයට ඒමේ සූදානමක්?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි නායකයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු ද වන අර්ජුන රණතුංග මහතා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබේ. කලක් දේශපාලනයෙන් ඈත්ව නිහඬව සිටි ඒ මහතා, රටේ පවතින තත්ත්වය හමුවේ තමන් ඉදිරියේදී තීරණාත්මක දේශපාලන පියවරක් ගැනීමට සූදානම් වන බව ද අනාවරණය කළා.
වත්මන් පාලනය සතු පලපුරුද්දක් නොමැතිකම හේතුවෙන් රටේ අනාගතය දැඩි අවදානමකට ලක්ව ඇති බව පෙන්වා දෙන අර්ජුන රණතුංග මහතා මෙසේ අදහස් දැක්වූවා.
"ආණ්ඩුවට කිසිම පලපුරුද්දක් නෑ ඔහේ කියවනවා විතරයි මෙහෙම ගියොත් නං අපේ දරුවන්ට රටක් නැති වෙනවා."
"අත්දැකීම් නැහැ, හැමවෙලේම කියවනවා විතරයි"
රටේ වත්මන් පාලනය ක්‍රිකට් ක්‍රීඩාවට උපමා කරමින් විවේචනය කළ ඒ මහතා, ජනතාව අද විඳවන දුක ඔවුන් විසින්ම ළඟා කරගත්තක් බව ද සිහිපත් කළා.
"මම මේ දවස්වල රටේ තත්ත්වය ගැන දන්නේ නැහැ පිටරට හිටපු හින්දා. මම කියනවා මේ ආණ්ඩුව දුවන්නේ අවුරුදු දොළහෙන් පහළ ක්‍රිකට් කණ්ඩායමක් වල්ඩ්කප් ටූනමන්ට් එකකට ගිය කණ්ඩායමක් වගේ. අත්දැකීම් නැහැ හැමවෙලේම කියවනවා විතරයි. ඒක මේ රටේ මහජනතාව ඉල්ලපු දෙයක්. මහජනතාව දුක් විඳින්නේ මේ එයාලා ගත්ත තීරණයක් හින්දා නැතුව අපි ගත්තු තීරණයක් හින්ද නෙවෙයි."
ඉදිරි මාස කිහිපය තුළ තීරණාත්මක පියවරක්
නව රජයට කටයුතු කරගෙන යාම සඳහා තමන් මෙතෙක් කාලයක් අවස්ථාව ලබා දී නිහඬව සිටි බවත්, නමුත් ඉදිරි මාස කිහිපය තුළ මහා නායක හිමිවරුන් ඇතුළු පාර්ශව සමඟ සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවත් හිටපු අමාත්‍යවරයා පැවසුවා.
"මම කියනවා ආණ්ඩුව අද දුවන්නේ අවුරුදු 12න් පහල ක්‍රිකට් කණ්ඩායමක් ටූනමන්ට් එකකට ගිහින් වගේ. මම දැනට අවශ්‍ය පුද්ගලයන් එක්ක සාකච්චා කරගෙන යනවා තීරණයක් මාස 3,6ක් අතර කාලයකදී ගන්නවා. මම දේශපාලනයෙන් අයින් වෙලා ඉන්න් ඕන කියලා හිතුවා. හැබැයි රට යන විදියට මේවට එකතු වෙන්න ඕනි කියලා හිතනවා. ඉදිරි මාස දෙක තුන ඇතුලත මහ නායක ස්වාමින් වහන්සේලා එක්ක කතා කරනවා. දේශපාලන නායකයොත් මට කතා කරලා තිබ්බා. මං හුගක් දේශපාලනයෙන් අයින් වෙලා හිටියේ. මහජනතාවට අලුත්දෙයක් ඕනි කියලා තිබ්බා. ඒකලබලා දුන්නා. මිනිස්සුන්ට හිතෙනවා ඇති කරපු දේ හරිද වැරදිද කියලා. මම පැත්තකට වෙලා හිටියා. හැබැයි මං හිතුවා. පත් වෙච්ච අයට කාලයක් දෙන්න ඕනිනේ. හැමදාම මං හිතනවා යම් කාලයක් දෙන්න ඕනි කියලා. ඉදිරියෙදි අවශ්‍යතාවක් උනොත් එන්ඩ අවස්ථාව තියෙනවා. මට හුගාක් ආරාධනා තියෙනවා. මං සාකජ්චා පවත්වමින් තමා යන්නේ."
2015 වැනි සන්ධානයකට සූදානම්ද?
රට බේරා ගැනීම සඳහා යහපත් පුද්ගලයන් එකතු වන ව්‍යාපාරයක් නිර්මාණය වන්නේ නම්, ඒ පිළිබඳව ධනාත්මකව සලකා බැලීමට තමන් සූදානම් බව ඔහු අවධාරණය කළා.
"අද රටට අවශ්‍ය හොඳ දේශපාලන පුද්ගලයන්. එහෙම පුද්ගලයන් එකතු වෙන තැනක් තියෙනවා නම් 2015 දීත් අපි කරේ ඒක. එහෙම කට්ටියක් එනවා නම් ඉතාමත්ම ධනාත්මක ලෙස හිතලා බලනවා. මොකද මෙහෙම රටක් ගෙනියන්න ගියොත් අපේ දරුවන්ට මේ රට ඉතිරි වෙන්නේ නෑ. ඒකයි මම අවුරුදු එකහමාරක් එක වචනයක්වත් කතා කළේ නෑ. හැබැයි තව මාස තුනක් හතරක් යනකොට මම තීරණයක් ගන්නවා. මම දේශපාලනය කරනවද නැද්ද කියලා."
දේශපාලනයට නැවත පිවිසීමට ආරාධනා රැසක් ලැබී ඇති මුත්, රට වෙනුවෙන් අවශ්‍යතාවයක් මතු නොවන්නේ නම් තමන් පෞද්ගලික ජීවිතය ගත කරමින් සතුටින් සිටින බව ද අර්ජුන රණතුංග මහතා අවසන් වශයෙන් කියා සිටියා.
"ඉතින් අවශ්‍යතාවයක් උනොත් මම ඉස්සරහදි දේශපාලනය කරනවා නැත්තං මම සතුටින් මට මුණුබුර මුණුබිරියන් හතර දෙනෙක් ඉන්නවා මං මගේ ව්‍යාපාරයට එක්ක කරගෙන සතුටින් ඉන්නවා."
ඔහු පවසන්නේ ඉදිරි මාස කිහිපය තුළ මෙරට දේශපාලන කරළියේ නැවතත් දැවැන්ත භූමිකාවකට පණ පෙවීමේ සූදානමකින් පසුවන බවද?
මේ පුවත තව අයට බලන්න
මේ ආණ්ඩුව දුවන්නේ අවුරුදු 12න් පහළ ක්‍රිකට් කණ්ඩායමක් වගේ - අර්ජුන රණතුංගගෙන් දැඩි විවේචනයක්.... නැවත දේශපාලනයට ඒමේ සූදානමක්?
2026-05-18T08:19:00+05:30
Gossip Lanka Hot News






