gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

දිට්වා වන්දි මුදල් නිලධාරීන් පිල්ලි ගහලා!

මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පරීක්‍ෂණ වන්දිලාභියා චෙක්පත මාරු කළ පසු නිලධාරීන් බැංකුවටම ගිහින් 50%ක් අරගෙන දිට්වා සුළිකුණාටුවෙන් ආපද‍ාවට ලක් වූ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාසවලට සහ දේපළවලට වන්දි මුදල් ගෙවීමේ දී රජයේ නිලධාරීන් විශාල ලෙස මුදල් වංචා කළ බව කියන සිද්ධියක් පිළිබඳව මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පරීක්ෂණයක් පවත්වයි.

මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මදුරුකැටිය ග්‍රාම සේවා වසමේ විපතට පත්වූ පවුල්වලට මුදල් ලබාදීමෙන් අනතුරුව ආපද‍ා සහන සේවා නිලධාරියා සහ ග්‍රාම නිලධාරියා වන්දි මුදල සඳහා ගෙවූ චෙක්පත වන්දිලාභියා සමග බැංකුවට ගොස් මාරුකොට එයින් සියයට පනහක් ලබාගෙන ඇත.

වන්දි ගෙවීමේදී අලාභ හානියේ තක්සේරුවට වඩා වැඩි මුදලක් නිර්දේශ කර වන්දි ලාභියා සමග චෙක්පත මාරු කිරීමට ගොස් එම වැඩි මුදල නිලධාරීන් මෙලෙස ලබාගෙන තිබේ.
කිසිදු හානියක් නොවූ නිවාස හිමියන්ට ද වන්දි මුදල් හිමිවී ඇති අතර එකම පවුලේ ස්වාමිපුරුෂයාට සහ බිරිඳ යන දෙදෙනාටම වන්දි ගෙවා ඇත. මෙලෙස රුපියල් ලක්ෂ එකසිය අසූ නවයක් පමණ වන්දිලාභීන්ගෙන් අදාළ නිලධාරීන් ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මේ පිළිබඳව මූලික පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ආපද‍ා සහන සේවා නිලධාරීවරයාගේ වැඩ තහනම් කර ඇති අතර මදුරුකැටිය ග්‍රාම නිලධාරිවරයාට ස්ථාන මාරුවක් ලබාදී ඇත. මේ පිළිබඳව මොනරාගල පොලිසියට ද නිලධාරීන්ට ද මුදල් දුන් අය විසින් පැමිණිලි කර තිබේ.

මේ පිළිබඳව මොනරාගල දිසාපති ඒ. ජී.නිශාන්ත මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වාගෙන යන බවත් ජනතාව ද මීට වගකිවයුතු බවත්ය. අල්ලස් ලබාගැනීම මෙන්ම අල්ලස් ලබාදීම ද බරපතළ වරදක් බව ජනතාවට තේරුම් ගත යුතු බවත් ඔහු කීවේය.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka