gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රජයේ තවත් විශාල මුදලක් missing... වැරදි බැංකු ගිණුමකට!

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් සිදුකළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඩුබායි හි නියෝජිත ආයතනයකට ගෙවිය යුතු වූ මාසික මුදල් මෙලෙස වැරදීමකින් වෙනත් බැංකුවකට යොමු කර ඇති බවයි.

මෙම ගෙවීම් එමිරේට්ස් එන්.බී.ඩී (Emirates NBD) බැංකු ගිණුමට සිදුකළ යුතුව තිබුණ ද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් අදාළ මුදල් අබුඩාබි ඉස්ලාමීය බැංකුවේ (Abu Dhabi Islamic Bank) ගිණුමකට බැර කර ඇති බව අනාවරණය වී ඇත.

මෙලෙස වැරදි ගිණුමට යොමු කර ඇති මුදල ඩිරාම් 974,500ක් වන අතර, එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි අටකට (මිලියන 80කට) අධික ප්‍රමාණයකි.

වෙනත් බැංකු ගිණුමකට යොමු වූ මෙම මුදල් නැවත ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කරයි.

රජය මැදිහත් වී මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව වහාම පරීක්ෂා කළ යුතු බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka