gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැතිකමට අලුත් නමක්..? නැතොත් පළුවක් ස්වාධීනයි..?

මේ දිනවල ආණ්ඩුව අභ්‍යන්තරයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය මත මැතිසබයේදී ආණ්ඩුව ශක්තිමත් ලෙස ආරක්ෂා කර ගැනීම සඳහා අගමැති තනතුර වෙනස් කළ යුතු බවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් පැලවත්ත කාර්යාලයට යෝජනා කර ඇතැයි වාර්තා වේ.

මෙම මන්ත්‍රී කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් මැතිසබයට පත්වූ තරමක දැඩි මතධාරීන් පිරිසකි. ඔවුනට නායකත්වය ලබා දෙන්නේ රජරට පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් බව වාර්තා වෙයි.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අගමැති තනතුරට රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පත් කළ යුතු බව ඔවුන්ගේ යෝජනාවයි. 

මෙම යෝජනාව සම්බන්ධව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා මැයි මස 07 වැනි දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇතැයි ද ආණ්ඩුවේ විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

යම් හෙයකින් මෙම මන්ත්‍රී කණ්ඩායමේ යෝජනාව ප්‍රතික්ෂේප වුවහොත් ඔවුන් පක්ෂ මාරු කිරීමක් නොකොට, පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රී පිරිසක් ලෙස ක්‍රියා කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කොට නීති උපදෙස් ලබාගෙන ඇති බව ද දැනගැනීමට ඇත.

ඊට අමතරව පසුගිය කාලයේ ආණ්ඩුව අභ්‍යන්තරයේ හටගත් මූල්‍ය අක්‍රමිකතා සහ දූෂණ චෝදනා හේතුවෙන්, ආණ්ඩුව කෙරෙහි පවත්නා ප්‍රසාදය හීන වෙමින් ඇති බැවින් මෙයට පෙර මන්ත්‍රීන් දොළොස් දෙනෙක් පමණ මහ ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ මෙම ප්‍රශ්න කඩිනමින් විසඳන ලෙසත්, නොවිසඳන්නේ නම් තමන් දරන තනතුරු අත්හැරීමට සූදානම් බවත්ය.

මෙම 12 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන අය අතර ජ්‍යෙෂ්ඨ කැබිනට් ඇමතිවරුන් දෙදෙනෙක්, නියෝජ්‍ය ඇමතිවරුන් තිදෙනෙක්, පාර්ලිමේන්තුවේ උසස් තනතුරක් දරන්නෙක් සහ වෘත්තිකයන් වන මන්ත්‍රීවරුන් හත් අට දෙනෙක් වන බව කියැවේ.

- Lankalokaya
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka