gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හැකර ගිණුමට සල්ලි දැම්මේ මියගිය නිලධාරියාලු... මරණයෙන් හැකර පරීක්‍ෂණයට බධා..

භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ, දැනට සේවය අත්හිටුවා සිටි රංග රාජපක්ෂ මහතා සිය නිවසේ ගෙවත්තේදී අභිරහස් ලෙස මිය යාම අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනවලට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව වාර්තා වේ.

කුලියාපිටිය, පහළ වීරඹේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ ගෙවත්තේ වැටී සිටි රාජපක්ෂ මහතා පිළිබඳව ප්‍රථමයෙන් දැක ඇත්තේ ඔහුගේ දියණියයි. ඇයගේ දැනුම්දීමෙන් පසු පවුලේ සාමාජිකයන් විසින් පොලීසියට තොරතුරු ලබා දී ඇත.

පොලීසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී, ගෙවත්තේ කෙසෙල් පඳුරක් ආසන්නයේ විශාල ලේ පැල්ලමක් සහ මළසිරුර අසල තිබී කුඩා පිහියක් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ අතක සහ පාදයක කැපුම් තුවාල තුනක් නිරීක්ෂණය වී ඇති අතර, මෙය ඝාතනයක්ද නැතහොත් සියදිවි නසාගැනීමක්ද යන්න තහවුරු කරගැනීම සඳහා කුලියාපිටිය මහේස්ත්‍රාත්වරියගේ ප්‍රධානත්වයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වන ලදී.

මුදල් අමාත්‍යාංශයේ ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන විමර්ශනවල ප්‍රධාන සැකකරුවෙකු ලෙස මොහු නම් කර තිබුණි.

හැකර්වරුන් විසින් එවනු ලැබූ ව්‍යාජ ඊමේල් පණිවුඩවලට මුල්වරට ප්‍රතිචාර දක්වා ඇත්තේ මොහු බවත්, ඔහුගේ නොසැලකිලිමත් භාවය මත අදාළ මුදල් විදෙස් ගිණුමකට බැරවී ඇති බවත් මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

මෙතෙක් සිදුකළ විමර්ශනවලදී ඔහු දූෂිත නිලධාරියෙකු බවට තහවුරු වී නැතත්, සේවයේ සිටියදී සහ වැඩතහනමට ලක්වූ පසු අවස්ථා තුනකදී CIDය හමුවේ පෙනී සිට ඇත. පරීක්ෂණ සඳහා ඔහුගේ පුද්ගලික පරිගණකය ද භාරයට ගෙන තිබුණි.

මියගිය නිලධාරියාට එරෙහිව අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබූ අතර, වැඩතහනමට ලක්වීමෙන් පසු ඔහු දැඩි මානසික පීඩනයකින් සහ සිත්තැවුලෙන් පසුවූ බව පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් පොලීසිය පවසයි.

මෙම අභිරහස් මරණය, ඩොලර් මිලියන ගණනක අස්ථානගත වීම පිටුපස සිටින සැබෑ වගකිවයුත්තන් සෙවීමේ මෙහෙයුමට බාධාවක් බව උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka