gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සංගීත් ගෙනා ඩොලර් මිලියන 23 රජයට ගන්න බැරිවුනේ ආණ්ඩුවේ වැඩ බැරිකම නිසා - නාමල් රාජපක්ෂ

ප්‍රකට කලාකරු සංගීත් විජේසූරිය මහතා විසින් මෙරටට ගෙන එන ලදැයි පැවසෙන ඩොලර් මිලියන 23ක මුදල රජයට ලබා ගැනීමට හෝ එය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට වත්මන් පාලකයන් අසමත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත්‍රීවරයා සඳහන් කළේ මෙම සිදුවීම හරහා වත්මන් රජයේ පවතින වැඩ බැරි බව සහ රාජ්‍ය පරිපාලනය පිළිබඳ ඇති අවබෝධයකින් තොරභාවය තවදුරටත් තහවුරු වන බවයි.

සංගීත් විජේසූරිය මහතා දේශපාලනඥයෙකු හෝ රාජ්‍ය පරිපාලනයේ නියුතු නිලධාරියෙකු නොවන බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා, ඔහු ගායකයෙකු ලෙස තම වෘත්තීය වගකීම ඉටු කරන අයෙකු බව අවධාරණය කළේය.

ඔහු මෙම ඩොලර් මිලියන 23ක මුදල ගෙන ඒමට උත්සාහ කර ඇත්තේ තමන් සහාය දුන් දේශපාලන පක්ෂය බලයේ සිටින අවස්ථාවක රට වෙනුවෙන් යම් යහපත් දෙයක් කිරීමේ පිරිසිදු සද්භාවයෙන් බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

"ජනාධිපතිවරයා මුණගැසුණු වෙලාවේ මේ ආණ්ඩුවේ අයට ඒ කර්තව්‍යය කරගන්න තේරෙන්නේ නැති වෙන්න ඇති. මොකද අද මේ අයට වැඩක් කරගන්න ගියාම ඒ පිළිබඳ අවබෝධයක් නැති බව පැහැදිලියි. ඒ නිසා මේකට සංගීත්ට බැනලා වැඩක් නැහැ," යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ මුදල මෙරටට ගෙන ඒමෙන් පසු එහි ප්‍රයෝජනයක් ගැනීමට හෝ එය පද්ධතියට එක් කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නොතිබූ බවයි.

කලාකරුවෙකු ලෙස සද්භාවයෙන් ඉදිරිපත් වූ පුද්ගලයෙකුට දොස් පැවරීම වෙනුවට, එම අවස්ථාවෙන් නිසි ඵල නෙළා ගැනීමට නොහැකි වූ පාලකයන්ගේ දුර්වලතාවය විවේචනය කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka