gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රාහිම් හිටියේ පොහොට්ටු ජාතික ලයිස්තුවේ.. තොරතුරු සැගවූ නිලධාරින්ට තනතුරු දුන්නේ මහින්ද..- නාමල් හෙලි කරයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරුණු බෝම්බකරුගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) ජාතික ලැයිස්තුවේ සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අනාවරණය කළේය.

අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ, පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වලදී ලිපිගොනු සඟවා සිටි බවට චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන් දෙදෙනාට රහස් පොලිසියේ මුල් ධුරය සහ අමාත්‍යාංශ ලේකම් ධුරය වැනි ප්‍රධාන තනතුරු ලබා දුන්නේ තම පියා වන මහින්ද රාජපක්ෂ මහතා බවයි.

එම නිලධාරීන් තමන් සමඟ වේදිකාවල පවා සිටි බව ඔහු පෙන්වා දුන්නේය.

රාජපක්ෂවරුන්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, බෝම්බකරුගේ පියා තම පක්ෂයේ සිටීම සහ අදාළ නිලධාරීන්ට තම පියා විසින් තනතුරු ලබා දී තිබීම නිසා රාජපක්ෂවරුන්ට මේ සම්බන්ධයෙන් චෝදනා කිරීම වැරදි බවයි.

මෙය "හොරාගෙන් පේන අහනවා" වැනි වැඩක් බවත්, හොරාටම හොරා සොයා එන්නැයි පවසන තත්ත්වයක් බවත් ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කළේය.

වත්මන් රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, ආණ්ඩුව ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කරමින් තම දේශපාලන උවමනාවන් ඉටුකර ගැනීමට උත්සාහ කරන බවට චෝදනා කළේය.

මේ හේතුවෙන් කලකිරීමට පත් වූ ආණ්ඩුකාරවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ සභාපතිවරුන් වැනි උසස් නිලධාරීන් එකා පිට එකා ඉල්ලා අස්වෙමින් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

තවද, රජයට රටේ ආර්ථිකය නැංවීමට හෝ ආයෝජන ගෙන්වීමට නිසි සැලසුමක් නොමැති බවත්, උදෑසන අවදි වී සවසට කරන්නේ කුමක්දැයි සිතන මට්ටමට ආණ්ඩුව පත්ව ඇති බවත් ඔහු පැවසීය. 

ආයෝජන සම්බන්ධයෙන් විවිධ ගිවිසුම් අත්සන් කළද, ඒවා පිළිබඳව විපක්ෂය හෝ රටේ ජනතාව පමණක් නොව ආණ්ඩුව පවා නිසි තොරතුරු නොදන්නා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka