gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හරි වුණත් වැරදි වුණත් මහානායක හිමිවරු කියන එක පිළිගන්න ඕනේ – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියයි

මේ මස පොහොය දින දෙකක් යෙදීම සම්බන්ධයෙන් සමාජය තුළ විවිධ මත පළ වෙමින් පවතින පසුබිමක, ඒ පිළිබඳව මහා සංඝරත්නය ගනු ලබන තීරණවලට සියලු දෙනා අවනත විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ මස යෙදී ඇති පොහොය දින සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේ, බෞද්ධයන් ලෙස මහා නායක හිමිවරුන්ගේ මඟපෙන්වීම් ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගත යුතු බවයි.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද සඳහන් කළේය:

“මහා නායක හාමුදුරුලා කියන එක අපි පිළිගන්න ඕනේ. හරි හෝ වැරදි අපිට ඒක ප්‍රශ්න කරන්න බැහැ. මහා නායක හාමුදුරුවරු එක තීරණයක් අරන් තියෙනවා නම් අපි ඒකට අවනත වෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් වෙනදා කරන විදිහටම මේ පාරත් වෙසක් කරනවා.”

පවතින මතභේදකාරී තත්ත්වය කුමක් වුවත්, මෙවර වෙසක් උත්සවය වෙනදා පවත්වන අයුරින්ම උත්කර්ෂවත් ලෙස සැමරීමට කටයුතු කරන බවද හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka