gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු ජනපති මෛත්‍රීගේ කාර්ය මණ්ඩල ප්‍රධානී මහානාම අල්ලස් නඩුවේ දඩය ගෙවන්න සල්ලි නැහැ කියලා!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ කුසුමදාස මහානාමගෙන් කන්තලේ සීනි සමාගම් අල්ලස් නඩුවට අදාළව නියම කර ඇති රුපියල් මිලියන 20ක අතිරේක දඩ මුදල අය කර ගැනීම සම්බන්ධව ගන්නා ඉදිරි පියවර පිළිබඳ කොමිසමේ ස්ථාවරය සති දෙකක් ඇතුළත දැනුම්දෙන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අල්ලස් කොමිසමට නියෝග කර තිබේ.

ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි සහ යන්ත්‍ර සූත්‍ර 2018 වසරේදී ඉන්දියානු සමාගමකට පවරා දීම සඳහා රුපියල් මිලියන 54ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ කුසුමදාස මහානාම දැනටමත් සිර දඬුවම් විඳිමින් සිටී.

අධිකරණය ඔහුට නියම කර තිබුණේ එම සිර දඬුවමට අමතරව රුපියල් මිලියන 20ක දඩ මුදලක් ගෙවන ලෙසයි.

විත්තිකරුට නියම කළ රුපියල් මිලියන 20ක දඩ මුදල අය කරගැනීමේ ක්‍රමවේදය මෙම නඩුවේදී මතු වූ ප්‍රධාන නීතිමය ගැටලුව විය.

අදාළ දඩ මුදල ගෙවීමට තමන්ට වත්කමක් නොමැති බව විත්තිකරු බන්ධනාගාර බලධාරීන් වෙත දැනුම් දී ඇත.

ඒ පිළිබඳ බන්ධනාගාරය කළ විමසීමකට පිළිතුරු දෙමින් සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සඳහන් කළේ මුල් තීන්දුව ප්‍රකාශ කිරීමේදී දඩය නොගෙවන්නේ නම් ඒ වෙනුවට පැනවිය යුතු අමතර සිර දඬුවමක් පිළිබඳ එහි සඳහන් කර නොමැති බවයි.

එවැනි පසුබිමක, දඩය නොගෙවීම වෙනුවෙන් අමතර සිර දඬුවම් නියම කිරීමට තම අධිකරණයට මෙම අවස්ථාවේ නීතිමය බලයක් නොමැති බව විනිසුරුවරයා පෙන්වා දී තිබේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සිය ස්ථාවරය දැනුම්දෙන ලෙස අධිකරණය අල්ලස් කොමිසමට නියෝග කර ඇත.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka