gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

විපක්‍ෂ ආර්ථික පොරක් ආණ්ඩුවට... බැසිල් දැරූ ‘ආර්ථික සංවර්ධන’ ඇමති කම සූදානම් කරයි

රජයේ මූල්‍ය විනය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් විපක්ෂයේ සිටින දක්ෂ දේශපාලනඥයන් පිරිසක් රජයට සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව තුළ සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියෙන් පසු ජාත්‍යන්තර විශ්වාසය යළි තහවුරු කර ගැනීම සඳහා මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව එම පුවත්පත සඳහන් කරයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ආණ්ඩුවට එක්වන පළමු විපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් විශේෂ ඇමති ධුරයක් නිර්මාණය කිරීමේ හැකියාව සොයා බලමින් තිබීමයි.

එම ඇමති ධුරය, බැසිල් රාජපක්ෂ මහතා අතීතයේ දැරූ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරයට සමාන බලතල සහිත සුවිශේෂී ආර්ථික කටයුතු ඇතුළත් තනතුරක් වනු ඇති බවත් සදහන්ය.

විපක්ෂයේ පළපුරුදු දේශපාලකයන් එක් අයකු හෝ කිහිප දෙනෙකු මෙලෙස ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වේ.

දැනටමත් විපක්ෂයේ දේශපාලනඥයකු එම තනතුර සඳහා එක් කර ගැනීම පිළිබඳව යම් මට්ටමක සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka