gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මල්වානේ නිවස, ඉඩම හරිනිට පටවයි

මල්වාන ප්‍රදේශයේ පිහිටි, මීට පෙර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් බවට ප්‍රකාශ වූ සහ දැනට රජය සතු කර ඇති නිවස සහ ඉඩම සම්බන්ධයෙන් පවතින ගැටලුවට අවසන් විසඳුමක් ලබාදීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත පවරා තිබේ.

අදාළ දේපළ බලෙන් අත්පත් කරගෙන සිටින බව කියන විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් සහ අග්‍රාමාත්‍යවරියගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනෙකු අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) සවස අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා ඇත.

මෙම භූමිය සහ නිවස රජයේ විශ්වවිද්‍යාල පද්ධතියට අනුයුක්ත කළ යුතු බව සිසුන් මෙහිදී ඒකමතිකව අවධාරණය කර තිබේ.

සිසුන් ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තනිව තීරණයක් ගැනීමට තමන්ට බලතල නොමැති බව සම්බන්ධීකරණ ලේකම්වරුන් ප්‍රකාශ කර ඇති අතර, ඒ පිළිබඳ අවසන් තීරණය විෂය භාර අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය වෙත යොමු කළ යුතු බව ඔවුන් පෙන්වා දී ඇත.

නිලධාරීන්ගේ මෙම ප්‍රකාශයත් සමඟ විශ්වවිද්‍යාල සිසුන් සාකච්ඡාව අතරමග නතර කර ඉන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

මෙම දේපළෙහි ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරිය ගන්නා තීරණය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka