gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපිල මියයන්නට පෙරදා රෑ නීතිඥයන් සමග පැය ගාණක් නඩුව ගැන කතා කරලා! - දුරකථනය සහ පරිගණක පොලිසිය භාරයට!

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා මියයෑමට පෙර දින රාත්‍රියේ පැය ගණනක් තිස්සේ නීතිඥවරුන් සමග සිය නඩු කටයුත්ත සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිට ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

ඊයේ (08දා) දින උදෑසන කපිල චන්ද්‍රසේන මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙතභාරවීමට නියමිතව සිටි බවද අනාවරණය වී තිබේ.

ඊයේ උදෑසන කපිල චන්ද්‍රසේන මහතා නිදා සිටි කාමරය වසා දමා තිබූ නිසා නිවැසියන් දොර විවෘත කර බලද්දී එහි උළුවස්සේ ගමන් මල්ලක පටියකින් ගෙල වැලලාගෙන මියගොස් සිට ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා විවාහ වී සිට ඇත්තේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ බිරිඳගේ නැගණිය සමගය.
ඒ මහතා සියදිවි හානි කරගෙන ඇත්තේද අරවින්ද ද සිල්වා මහතා පදිංචි වී සිටි කොල්ලුපිටියේ පිහිටි නිවසේ කාමරයක බවද පොලිසිය පවසයි.

ඉකුත් 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා 14 ක් මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 2 ක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කපිල චන්ද්‍රසේන මහතාට චෝදනා එල්ල වී තිබිණි.

මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කපිල චන්ද්‍රසේන ඉකුත් මාර්තු 12 වැනිදා අත්අඩංගුවට ගත් අතර පසුව ඔහු රක්‍ෂිත බන්ධනාගාරගතකර තිබිණි.

අල්ලස් කොමිසම විසින් කපිල චන්ද්‍රසේන මහතාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කියා තිබුණේ ශ්‍රී ලන්කන් ගුවන් යානා මිලදීගත් දූෂිත ගනුදෙනුව හරහා ලැබුණු අල්ලස් මුදලින් කොටසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ හිටපු ඇමැති පියංකර ජයරත්න මහත්වරුන්ට ලබාදුන් බවයි.

එහෙත් පසුව අධිකරණය හමුවේ දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙමින් ඒ මහතා කියා සිටියේ එම ප්‍රකාශය අල්ලස් කොමිසම විසින් තමාට බලපෑම් කර ලබාගත් බවයි.

කෙසේ වෙතත් දින 54 කට ආසන්න කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන මහතා පසුගිය 05 වැනිදා අධිකරණයෙන් ඇප ලබාගත්තේය.

එහිදී රුපියල් ලක්‍ෂ 5 ක මුදල් ඇප සහ රුපියල් කෝටියක ශරීර ඇප 2 ක් ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවට ද නියම කර තිබුණි.

ඒ අනුව කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පුද්ගලයන් දෙදෙනෙක් ඇප ලබාදීමට ඉදිරිපත් වූහ. එහෙත් පසුව හෙලි වූයේ එසේ ඇප ලබා දීමට ඉදිරිපත් වූ පුද්ගලයන් දෙදෙනා කපිල චන්ද්‍රසේනගේ පවුලේ සාමාජිකයන් නොවන බවත් ඔවුන් දෙදෙනා කුලී පදනම මත පැමිණි අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත්ය. ඒ අනුව ඇපකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුහු රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ එහිදී කියා සිටියේ සැකකාර කපිල චන්ද්‍රසේන අධිකරණයේ විශ්වාසය කඩකර ඇති බවයි. රුපියල් ලක්‍ෂ 100 ක ශරීර ඇප දෙකක් සඳහා ඇපකරුවන් ලෙස ඉදිරිපත්ව සිටියේ රුපියල් 15,000 ක මුදලක් දී අළුත්කඩේ ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබාගත් පුද්ගලයන් බවත් කොමිසම කීවේය.

ඒ අනුව ඇප පනත යටතේ දූෂණ විරෝධී පනත උල්ලංඝනය කර ඇති බව අල්ලස් කොමිසම පෙන්වා දුන්නේය.

ඒ අනුව ව්‍යාජ ඇපකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ චෝදනාව යටතේ කපිල චන්ද්‍රසේන වහාම අත්අඩංගුවට ගෙන නඩු විභාගය අවසන් වනතුරු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කපිල චන්ද්‍රසේන මහතා මෙසේ සියදිවි හානිකරගෙන තිබුණේ ඒ මහතා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් කර තිබූ පසුබිමකය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන කපිල චන්ද්‍රසේන ශ්‍රී ලංකා ටෙලිකොම්, මිහින් එයා යන සමාගම්වල ඉහළ නිලතල දැරූ අයෙකි. මියගිය කපිල චන්ද්‍රසේන මහතාගේ මරණ පරීක්‍ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි.

කොල්ලුපිටිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.

මේ අතර කපිල චන්ද්‍රසේනගේ දුරකථන සහ පරිගණක යන්ත්‍ර පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ මහතාට අවසන් වතාවට ඇමතුම් ලැබුණු අංක පිළිබඳව ද පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

හේමන්ත රන්දුණු, නෝමන් පලිහවඩන
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka