gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපිල චන්ද්‍රසේනට ඇප කරුවන් ඉදිරිපත් කළ නීතිඥයෙකු සහ ජේලර්වරයෙකු පසුපස පොලිසිය එලවයි

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී ඔහුට ඇප ලබා ගැනීම සඳහා ව්‍යාජ පුද්ගලයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීමට සහාය වූ බව කියන නීතිඥවරයෙකු සහ බන්ධනාගාර ජේලර්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව, අදාළ විශේෂ පොලිස් කණ්ඩායම විසින් මෙම නීතිඥවරයාගෙන් සහ ජේලර්වරයාගෙන් දැනටමත් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත.

බන්ධනාගාරගතව සිටියදී හඳුනාගත් ජේලර්වරයාගෙන්, තමාට ඇප ලබා ගැනීම සඳහා පුද්ගලයන් දෙදෙනෙකු සොයා දෙන ලෙස කපිල චන්ද්‍රසේන මහතා ඉල්ලීමක් කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

එම ඉල්ලීමට අනුව, ජේලර්වරයා සහ නීතිඥවරයා එක්ව කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මුදලට සොයාගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පැවසේ.

මෙම කාර්යය වෙනුවෙන් රුපියල් 75,000ක මුදලක් ලබා දීමට චන්ද්‍රසේන මහතා පොරොන්දු වී ඇති අතර, එම මුදල් ගෙවීමට සූදානම්ව සිටි ඔහුගේ හිටපු කළමනාකරුවෙකු මේ වන විටත් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

නොහඳුනන පුද්ගලයන් ඉදිරිපත් කර අධිකරණය නොමඟ යැවීම හේතුවෙන්, කපිල චන්ද්‍රසේන මහතා යළි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඉකුත් 7 වැනිදා නියෝග කර තිබිණි.

කෙසේ වෙතත්, ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අතරතුර, චන්ද්‍රසේන මහතා කොල්ලුපිටියේ පිහිටි නිවසක සැකකටයුතු ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයා ගන්නා ලදී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka