gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුදල් ඇමතිකම ගන්නවාදැයි හර්ෂගෙන් අහයි!

වර්තමාන රජයේ මුදල් අමාත්‍ය ධුරය භාරගන්නා ලෙස ආරාධනයක් ලැබුණහොත් එය කිසිසේත්ම භාර ගැනීමට තමන් සූදානම් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

නෙත් ගුවන් විදුලිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමන් මේ වන විට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපතිවරයා ලෙස ඉටුකරන කාර්යභාරය ජනතාව පිළිගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ජනතාවගේ කැමැත්තකින් තොරව තනතුරු භාර ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා මැතිවරණයකින් ජයග්‍රහණය කර ජන වරමක් සහිතව පැමිණිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

මීට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයක් ප්‍රතික්ෂේප කිරීමට හේතුව පැහැදිලි කරමින් ඔහු කියා සිටියේ, අදාළ පාර්ශ්වයන් සමඟ එක්ව වැඩ කිරීමට තමන් සූදානම් නොසිටි බවයි.

"මට කෙටි කාලීන ඇමති පට්ටමක් තිබුණා කියලා ඒක මට අදාළ වෙන්නේ නැහැ. මම කොයි වෙලාවෙත් හිතන්නේ රට ගැනයි" යනුවෙන් පැවසූ හර්ෂ ද සිල්වා මහතා, තමන්ගේ සහ සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ මැතිවරණයක් ජයග්‍රහණය කර ජනතාවගේ කැමැත්ත මත රටේ වගකීම් භාර ගැනීම බව ද සඳහන් කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka