gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

වත්තලින් දේශපාලනයට එන්න හරීන් පාසල්වල ආගම්වාදය අවුස්සනවා- ජෝශප් ස්ටාලින්

මෙතෙක් බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිට ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ආසනයෙන් සිය දේශපාලන කටයුතු නැවත ආරම්භ කිරීම වෙනුවෙන් හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු ව්‍යාජ තොරතුරු සමාජගත කරමින් ආගම්වාදය පතුරමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කරයි.

1960 පාසල් රජයට පවරා ගැනීමේ නීතිමය ප්‍රතිපාදන තුළ එසේ පවරා ගන්නා පාසල්වල විදුහල්පතිවරුන් එම ආගමික නිකායට අනුව පත්කළ යුතු බවට කිසිඳු ප්‍රතිපාදනයක් නැති තත්වය තුළ හරීන් ප්‍රනාන්දු මහතා වත්තල නායකකන්ද යහපත් එඩේරාගේ බාලිකා මහා විද්‍යාලයට කතෝලික නොවන විදුහල්පතිවරියක පත්කර ඇති බවට ආගම්වාදය වපුරවන වැරදි තොරතුරක් ප්‍රකාශ කර ඇතැයි ජෝශප් ස්ටාලින් මහතා පැහැදිලි කරයි.

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු මහතා බොරැල්ල එන්එම් පෙරේරා මධ්‍යස්ථානයේදී මැයි 06 වැනිදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම තොරතුරු පවසා ඇත.

ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ එම විද්‍යාලයේ විදුහල්පති පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීමේදී ඒ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කර සුදුසුකම් සැපරීමෙන් පසු එම විදුහල්පතිනිය එහි සේවයට පැමිණ ඇත්තේ මාර්තු මාසයේ 12 වැනි දින බවත්, එසේම ඇය බෞද්ධයකු යැයි හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කළද ඇය කතෝලික භක්තිනියක බවයි.

එසේම වත්මන් විද්‍යා හා තාක්ෂණ ඇමති ක්‍රිෂාන්ත අබේසේන මෙම පාසලේ විදුහල්පතිනියට එරෙහිව පැවැත්වූ විරෝධතාවයකට සහභාගි වෙමින් රජයට පවරාගෙන ඇති එම පාසල කතෝලික සභාවේ දේපලක් බව පවසමින් එම සභාවට වුවමනා ආකාරයට එයට විදුහල්පතිනියක් පත්කිරීමේ අයිතිය ඇති බවට වැරදි මතයක් ප්‍රකාශ කර ඇති බවද ජෝශප් ස්ටාලින් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka