gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

නෝම්බි අරින්න සූදානමින් සිටි දොස්තර සාෆි විනාඩි 05න් රෝහලට දුවගෙන එයි - තත්ත්පර 30න් ජීවිත 02ක් බේරාගනී!

වෛද්‍ය සාෆි ශිහබ්දීන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට චෝදනා කළ පිරිස්වල එක් ප්‍රධාන චෝදනාවක් වූයේ වෛද්‍ය සාෆි ශිහබ්දීන් වේගයෙන් සිසේරියන් සැත්කම් කරන බවයි. එලෙස වේගයෙන් සිසේරියන් සැත්කම් කිරීම ගැන සැක සහිත බව ඇතැම්හු කීහ. 

එදා ඇතැමුන් වෛද්‍ය සාෆිගේ වේගය ගැන ප්‍රශ්න කළත්, වර්තමානයේමීට එම වේගය නිසාම මවක සහ දරුවකුගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබීමේ සිදුවීමක් කුරුණෑගල රෝහලෙන් වාර්තා විය.
මෙය මීට සති කිහිපයකට පෙර සිදුවීමකි.

දරු ප්‍රසූතියක් සඳහා සූදානමින් සිටි මවක සති 34දී මාවතගම රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇයගේ රුධිරපීඩනය වැඩිවීමට පටං ගැනීමත් සමගය. ඇය දෙදරු මවකි. ප්‍රසූතියට සූදානමින් සිටියේ ඇගේ තෙවැනි දරුවාය. මාවතගම රෝහලට ඇතුළත් කර සිටියදී ඇයට අධිරුධිර පීඩනයට අමතරව වලිප්පුව රෝගී තත්ත්වය ඇතිවී ඇති අතර ඒ් අනුව ඇය වහාම කුරුණෑගල රෝහල වෙත මාරු කර තිබේ. කුරුණෑගල රෝහල වෙත මාරු කළ පසුවද ඇයට වලිප්පු රෝග තත්ත්වය නැවත හටගෙන ඇති අතර ඇය ප්‍රසව හා නාරිවේද වාට්ටුවට ඇතුළත් කරද්දී ඇගේ රුධිර පීඩන තත්ත්වය තරමක් ඉහළ තිබී ඇත.

ඒ අනුව අදාල වාට්ටුවේ නේවාසික වෛද්‍යවරයා මෙම රෝගී තත්ත්වය ගැන වෛද්‍ය ශාපි ශිහබ්දීන් දැනුම්වත් කර ඇති අතර ඒ වන විට වෛද්‍ය ශාෆි රාමසාන් උපවාසය අවසන් කර නෝම්බි ඇරීමට සූදානමින් සිටියේය. රෝහලෙන් අදාල මවගේ තත්ත්වය දැනුම්වත් කිරීමෙන් පසු වහාම ඇය ශල්‍යාගාරයට ඇතුළත් කරන ලෙසට උපදෙස් දුන් වෛද්‍ය ශාෆි මිනිත්තු පහක් යන්නටත් පෙර රෝහලට පැමිණ තිබේ.

ඇගේ අධික රුධිරපීඩනය සහ වලිප්පු තත්ත්වය සමග ඇගේ හෘද ස්පන්ධනය නැවතී ඇති අතර ඇගේ පපු ප්‍රදේශය තද කරමින් ඇයගේ හෘදය ක්‍රියාත්මක කරවීමට ශල්‍යාගාරයේ සිටි පිරිස් ක්‍රියාකරමින් සිටියහ. ඇය සහ ඇගේ දරුවා බේරා ගැනීමට නම් හදිසි සැත්කමක් කර ඇගේ වැදෑමහ ඉවත් කළ යුතු බවට වෛද්‍ය ශාෆි තීරණය කර ඇති අතර වැදෑමහ ඉවත් කිරීමෙන් පසු ඇගේ අධිරැධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට එනු ඇති බවත්, ඒ සමග ඇගේ හෘද ක්‍රියාකාරිත්වය යථාවත් වනු ඇති බවත් වෛද්‍ය ශාෆි දැනුම් දුන්නේය.

ඒ අනුව මව සහ දරුවා දෙදෙනාම බේරා ගැනීම සඳහා ඉතාම ඉක්මණින් සිසේරියන් සැත්කම කළ යුතුව තිබිණි. නිර්වින්දන වෛද්‍යවරු සහ රොහල් කාර්ය මණ්ඩලය කඩිනමින් අදාල කටයුතු කරද්දී අදාල ශල්‍ය උපකරණ අතට ගත් වෛද්‍ය ශාෆි තත්ත්පර 30ත් විනාඩියත් අතර කාලයකදී මවගේ උදරය කපා දරුවා එළියට ගෙන වැදෑමහ ඉවත් කිරීම සිදු කළේය. තත්ත්පර 30ක් විනාඩියත් අතර කාලයකදී ඉතා වේගයෙන් ශල්‍යකර්මය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මවගේ රුධිර පීඩනය යථා තත්ත්වයට පත්විය. දරු ප්‍රසූතියෙන් පසු ඇයට හෘද රෝග වෛද්‍යවරයකුට යොමු කර දැඩිසත්කාර ඒකකයේ දින හතරක් ප්‍රතිකාර ලැබූ අතර පසුව සාමාන්‍ය වාට්ටුවකට මාරු කෙරිණි.

වෛද්‍ය සාෆි තත්ත්පර කිහිපයක් ඇතුළත වේගයෙන් ශල්‍යකර්මය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මවගේ සහ දරුවාගේ ජීවිත බේරා ගැනීමට හැකිවිය. ඉතා සුළු වේලාවකදී වේගයෙන් කළ ශල්‍යකර්මයට එම අවස්ථාවේ ශල්‍යාගාරයේ සිටි කාර්යමණ්ඩලයේ සිටලු දෙනා සක්‍රීයව දායකවූහ.කාර්ය මණ්ඩලය වෛද්‍යවරයාට අවශ්‍ය දෑ කඩිනමින් ලබා දුන්හ. නිර්වින්දන ⁣වෛද්‍යවරයාද කඩිනමින් ක්‍රියා කළේය. පසුව දරුවා සහ මව වෙනුවෙන් කාර්ය මණ්ඩලය කඩිනමින් මැදිහත්වීම් කළහ.

මෙම සිදුවීම වෙනත් වෛද්‍යවරයකු සමග ප්‍රකාශ කළ අවස්ථාවේ ඔහු කීවේ වෛද්‍යවරයා සිසේරියන් සැත්කමට තවත් මිනිත්තු කිහිපයක් ගත්තේ නම්, එනම් සාමාන්‍ය වේලාව ගත්තේ නම් මව සහ දරුවා යන දෙදෙනාගේම ජීවිත ගැන බරපතල ගැටළුකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබූ බවයි.
වෛද්‍ය සාෆි වේගයෙන් ශල්‍යකර්ම කරනවායැයි 2019 වසරේ ඔහුට චෝදනා එල්ල කළද, එම වේගය එයින් වසර 07ක් යද්දී ජීවිත දෙකක් බේරා ගැනීමට දායක විය.

රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රකාශ කළ පරිදි අදාල ශල්‍යකර්මයට භාජනය කළ මවගේ පළමු දරු ප්‍රසූතියට ද සම්බන්ධ වී ඇත්තේ වෛද්‍ය සාෆි ශිහබ්දීන්මය.

(උපුටාගැනීම – තරිඳු ජයවර්ධනගේ facbook පිටුවෙන්)
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka