gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

DO ඕන නම් ඒකෙන් ඇතුලට දානවා.. PTA ඕන නම් ඒකෙන් ඇතුලට දානවා..- නලින්ද

රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා ඕනෑම දැඩි නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට රජය පසුබට නොවන බවත්, අවශ්‍ය වුවහොත් ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත පවා භාවිතා කර වැරදිකරුවන් සිරගත කරන බවත් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගය විසින් කළුතරදී පවත්වන ලද මැයි රැලිය අමතමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය කාලය පුරා රටේ කිසිදු තැනක ජාතිවාදී හෝ ආගමික අන්තවාදී ගැටුම් ඇති වීමට ඉඩ නොදුන් බවයි.

යම් හෙයකින් එවැනි අසමගියක් ඇති කිරීමට කවුරුන් හෝ උත්සාහ කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව පවතින නීති තදින්ම ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

"ඒවට තියෙන පනත් වලින් ඇතුළට දානවා. ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඕන නම් ඒක පාවිච්චි කරනවා. රඳවා තබා ගැනීමේ නියෝග (DO) ගහන්න ඕන නම් ගහලා ඇතුළට දානවා" යනුවෙන් අමාත්‍යවරයා එහිදී දැඩිව ප්‍රකාශ කර සිටියේය.

පවතින ජන රජය යටතේ පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලයන් මැඩලීමට තරාතිරම නොබලා කටයුතු කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට වත්මන් පොලිසිය සමත්ව ඇති බවත් සඳහන් කළේය.

එමෙන්ම, දූෂිතයන්ට දඬුවම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කර ඇති බවත්, මීට පෙර ඉවත් කරගන්නා ලද නඩු නැවත ගොනු කරමින් පවතින බවත් ඔහු පැවසීය.

පසුගිය පාලන සමයන්හි දේශපාලනඥයන් භුක්ති විඳි අසීමිත වරප්‍රසාද, නිවාස, ආරක්ෂාව සහ වාහන බලපත්‍ර කපා හරිමින් සැබෑ 'ජන රජයක්' නිර්මාණය කර ඇති බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka