gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මාලිමාවට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අල්ලස් ගනිමින් සිටියදී අත්අඩංගුවට!

ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගනිමින් සිටියදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් 08 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

කුරුණෑගල බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ සහ පොදු වැසිකිළිය  පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති අතර එය බත්තරමුල්ල ප්‍රදේශයේදී ලබා ගැනීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

බස් නැවතුම්පොළ පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක් සහ මාසිකව රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දිය යුතු බව නියෝජ්‍ය නගරාධිපතිවරයා ටෙන්ඩර් කරුට දැනුම් දී තිබෙන අතර ඊට අදාල රුපියල් ලක්ෂ 30ක මුදල එකවර ලබාදී ඇත.

අත්අඩංගුවට ගත් නියෝජ්‍ය නගරාධිපතිවරයා 09 වැනිදා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka