gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

තලපති පොරොන්දු පච නොවේ.. එක පෑන් පාරින් තමිල්නාඩුවට නොමිලේ විදුලිය..

තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් 'තමිලග වෙට්ට්‍රි කසාගම්' (TVK) පක්ෂයේ නායක විජේ , සිය පාලනයේ පළමු නියෝගය ලෙස ප්‍රාන්ත වැසියන් සඳහා විදුලි ඒකක 200ක් නොමිලේ ලබා දීමට අත්සන් තබා තිබේ.

ඉකුත් ඉරිදා චෙන්නායි හිදී පැවැති උත්කර්ෂවත් උත්සවයකදී ඔහු මහ ඇමති ලෙස දිවුරුම් දුන් අතර, මෙය වසර 60කට පමණ පසු තමිල්නාඩුවේ DMK හෝ AIADMK නොවන පක්ෂයක් රජයක් පිහිටවූ පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වේ.

විජේගේ ප්‍රථම නියෝගයට අනුව නොමිලේ විදුලිය ලබාදීමට අමතරව, ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය උවදුර මර්දනය සඳහා විශේෂ කාර්ය සාධක බලකායක් සහ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ බලකායක් මෙන්ම හදිසි උපකාරක සේවාවක් පිහිටුවීමට පියවර ගෙන ඇත.

සිය පාලනය යටතේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ජලය මෙන්ම ගොවීන්ගේ සහ ධීවරයින්ගේ සුභසාධනය කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන බව ඔහු අවධාරණය කළේය.

මහ ඇමතිවරයා ලෙස සිය ප්‍රථම දේශනය ආරම්භ කරමින්, ඔහු නිතරම සිය රසිකයින් ඇමතීමට භාවිතා කරන "මගේ හදවතේ වෙසෙන ජනතාවනි" යන දමිළ වැකිය භාවිතා කරමින් ජනතාව ඇමතීය. 

තමා සහායක අධ්‍යක්ෂවරයෙකුගේ පුතෙකු ලෙස දුප්පත්කම සහ කුසගින්න හොඳින් හඳුනන බවත්, තමා රාජකීය පවුලකින් පැවත එන්නෙකු නොවන බවත් ඔහු එහිදී පැවසීය.

ප්‍රාන්තය දැනට රුපියල් ලක්ෂ දහයක ණය බරකින් යුක්ත වුවද, ජනතා මුදල්වලින් සතයක්වත් අවභාවිත කිරීමට තමා හෝ සිය රජය ඉඩ නොතබන බවට ඔහු පොරොන්දු විය.

කොංග්‍රස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක සහය ඇතිව පිහිටුවන ලද මෙම නව රජය, මැයි 13 වැනිදාට පෙර තමිල්නාඩු සභාවේ සිය බහුතරය ඔප්පු කළ යුතුව ඇත.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka