gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ටිල්වින්ට ගුටි බැට ඇනලාද..

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට පැලවත්තේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පහරදීමක් සිදුවී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු අවධාරණය කරයි.

තමන්ට තුවාල සිදුව රෝහල්ගත කර ඇති බවටද පළවන ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන සිල්වා මහතා පවසන්නේ, ජාතික ජන බලවේගය විසින් දිස්ත්‍රික්ක 21ක පවත්වන ලද මැයි රැලි මාලාවෙන් පසු දේශපාලනිකව අසාර්ථක වූ කණ්ඩායම් මෙවැනි අසත්‍ය ප්‍රචාර ගෙන යන බවයි.

“දේශපාලන බංකොලොත්භාවය සහ මන්දබුද්ධිකත්වය නිසා මඩ ගැසීමට සිදුකරන පහත් ක්‍රියාවක් මේක,” යැයිද ඔහු සඳහන් කළේය.

තවද, මෙවැනි පුවත් පළ කිරීමට පෙර අවම වශයෙන් අදාළ පුද්ගලයාගෙන් තොරතුරු තහවුරු කර ගැනීමේ වගකීම මාධ්‍යවේදීන්ට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

කිසිදු විචාර බුද්ධියකින් තොරව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන දේශපාලන කණ්ඩායම් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

තමන් සම්පූර්ණයෙන් සුවෙන් පසුවන බව සඳහන් කළ ටිල්වින් සිල්වා මහතා, “රාත්‍රියේ දකින හීන උදෑසන පෝස්ට් කරන පිරිසක් තමයි මේවා හදන්නේ,” යැයිද ප්‍රකාශ කළේය.

මෙවැනි “හාස්‍යජනක මඩ ප්‍රචාර” හරහා තම ව්‍යාපාරයට ලැබී ඇති ජනවරම අඩපණ කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka