gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කපිල චන්ද්‍රසේනගේ ඇප සිද්ධියෙන් හෙළිවන කුලියට ඇප තියන “ඇප තිස්ස”ලාගේ කතාව…

කපිල චන්ද්‍රසේනට ඇප තියන්නට පැමිණි කුලී ඇප කරුවන් දෙදෙනා පසුගිය මාස 05 තුළ පුද්ගලයින් 17කට කුලියට ඇප තියලා…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප ලබා දීමට ඉදිරිපත් වූ කුලී ඇප කාරයන් ගැන දැන් රටම දන්නේය.අද අධිකරණය ඉදිරියේ අනාවරණය වන්නේ මේ පුද්ගලයින් රස්සාවක් ලෙස විවිධ ඇපකාරයින් නොමැති නිසා ඇප කොන්දේසි සපුරන්නට නොහැකි වූ පුද්ගලයින් වෙනුවෙන් කුලී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වන බවය. ඔවුන් දෙදෙනා සහ කුලී ඇපකරුවන් සොයා දෙන ඇප බ්‍රෝකර්ලා දෙන්නා  ලබන 20 දා දක්වා රිමාන්ඩ් කිරීමට අද අධිකරණය නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලීසිය විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යන බව අධිකරණයට දැනුම් දී ඇත.

එහෙත් මේ වනතුරු කථිකාවට නොගෙන යට ගිය කතාවක් තිබේ. අනාවරණය වන ආකාරයට  ඇත්තටම කපිල චන්ද්‍රසේන ඇප මත නිදහස් වන්නේ කුලී ඇපකරුවන් ඉදිරිපත් වී තැබූ ඇපයෙන් නොවීමය. උන් ඇපකරුවන් ලෙස ඉදිරිපත් වී ඇප දෙන්නට පෙර අත් අඩංගුවට පත් වුනේය. කපිල චන්ද්‍රසේන  පහුවදා (06)  ඇප ලබා පිටත් වී යන්නේ නිවැරදි ඇපකරුවන් හරහා තැබූ ඇපයක් මතය.

කතාවේ පෙළ
කපිල චන්ද්‍රසේන එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් චෝදනාවකට ලක්ව රිමාන්ඩ් භාරයේ සිටියේය. දින 54ක දීර්ඝ කාලයක් ඔහු බන්ධනාගාරය තුළ ගත කළේය. මැයි මස 05 වැනිදා අල්ලස් කොමිසමේ විරෝධය නොතකා අධිකරණය  ඔහුට රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඇප ලබා දෙන්නට  නියෝග කළේය.

කපිල චන්ද්‍රසේනට ඇප ලැබුණ හැටි
දැනට අනාවරණය වී ඇති කරුණු මෙසේය.  කපිල චන්ද්‍රසේනට ඇප ලබා ගැනීම සඳහා ඇපකරුවන් තිදෙනෙක් අරවින්ද සිල්වා විසින් රැගෙන විත් තිබිණි. එම ඇපකරුවන් කපිලත් දන්නා අරවින්දත් දන්නා ඔවුන්ගේ සේවකයින්ය.  නමුත් ගැටලුවක් මතු වන්නේ ඔවුන්  තිදෙනාගෙන් දෙදෙනෙකුගේ ග්‍රාම සේවක සහතික කල් පැන තිබීමය. නැවත ග්‍රාමසේවක සහතික ලබා ගැනීම වෙනුවෙන් සතියක කාලයක් ගත වන බව  පැවසිනි. අරවින්ද මේ සම්බන්ධව සිය සාක්ෂියේ දී අධිකරණයට අනාවරණය කළේය.

ඇප  කරුවන්ගේ ප්‍රශ්නයක් නිසා එදින ඇප ලබා ගැනිමට නොහැකි බව අනාවරණය වන  අවස්ථාවේ දී කපිල සිටියේ අධිකරණයේ සැකකරුවන් රඳවන  කූඩුව ඇතුළේය. දින පනස් ගණනක් බන්ධනාගාරය තුළ සිටි එකෙකුට ඇප ලැබුණු පසු තවත් දිනයක් හෝ බන්ධනාගාරගත වී සිටීමට හිතෙන්නේ නැත. සැබෑ ඇපකරුවන් පිළිබඳ ගැටලුවක් මතුවන අවස්ථාවේ දී කපිල විසින්ම අසල සිටි බන්ධනාගාර නිලධාරීන්ට ඉල්ලීමක් කර තිබුණේ හැකි නම් ඇප ලබා දීමට පුද්ගලයින් දෙදෙනෙක් සොයා දෙන ලෙසය.

මෙය බන්ධනාගාර සංස්කෘතිය තුළ සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. ඇපයක් ලබා දීමට කෙනෙක් නොමැතිව නැවත බන්ධනාගාරයට යන්නට වෙන තමන්ට යම් විශ්වාසයක් ඇති පුද්ගලයෙක් වෙනුවෙන් කුලියට ඇප තබන පුද්ගලයින් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරීහු ද ඉඩ දෙති.  කුලියට ඇප තබන වැඩේ  අවට වතුවල උන්ගෙන් ඇතැමෙක්  කරනු ලබන්නේ රස්සාවටය.     මේ අවස්ථාවේ දී කපිල චන්ද්‍රසේනගේ ඉල්ලීම මත  කුලී ඇප කරුවෙක් සොයා දෙන්නට  එතැන රාජකාරියේ සිටි  බන්ධනාගාර  නිලධාරීන් දෙදෙනා ඉදිරිපත් වී තිබිණි.

ඒ අනුව මුලින්ම එක් නිලධාරියෙක් කතා කරන්නේ තිස්ස නැමති පුද්ගලයෙකුටය. අවුරුදු 76ක් පමණ වන මේ පුද්ගලයා උසාවියට යන එන බොහෝ දෙනෙක්  දන්නේය. කුලියට ඇපයට ඉදිරිපත් වීම කාලයක් කළ මේ පුද්ගලයා දැන් ඇප තබන්නට කුලීකරුවන් සපයන බ්‍රෝකර් කෙනෙකි.  ඔහුට කියන්නේ ඇප තිස්ස කියාය.

එක් බන්ධනාගාර නිලධාරියෙක් මේ අවස්ථාවේ දී ඇප තිස්සයාට කතා කරන්නේය.   ඔහු  මුල් අවස්ථාවේ උසාවියට එන්නේ නැත. දෙවැනිවර අනෙක් බන්ධනාගාර නිලධාරියාගේ ඇමතුමෙන් ඇප තිස්ස පැමිණ ඇප කොන්ත්‍රාත්තුවේ  මිල ගණන් කතා කරගෙන තිබිණි.

ඇප තිස්සයා බ්‍රොකර් ගාස්තුව රුපියල් හැත්තෑ දාහක් ඉල්ලා තිබිණි. කුලී ඇපකරුවන්ට රුපියල් 15000 ගානේ ගෙවන්නට එකඟ වූයේය. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනාට මේ කළ උදවුව්ට රුපියල් පන්දහස ගානේ ලබා දුන් බව කියැවිනි.

ශරීර ඇප  දෙකක් සඳහා ඇප තිස්සයා ගෙන්වා ගන්නේ   මොහොමඩ් රිස්වාන් සහ මොහොමඩ් ඉර්ෂාන් නමැති පුද්ගලයින් දෙදෙනෙකි.  ඔවුන් දෙදෙනා කෙසෙල්වත්ත අලුත්කඩේ අවට සාංචි ආරච්චිවත්තේ පදිංචිකරුවන්ය. මේ  උන්දැලා ඉදිරිපත් කර තිබුණේ කපිල චන්ද්‍රසේනගේ සමීප ඥාතීන් ලෙසය. ඔවුන් කපිලගේ නීතිඥයින් විසින් ඇපකරුවන් ලෙස ඉදිරිපත් කරන්නේ නොදැන්වත්භාවයකින් හෝ වැරදීමකින් නොවන බව තේරුම් ගන්නට පොඩි දරුවෙකුට වුව ද හැකිය.

ග්‍රාමසේවා සහතිකත් රැගෙන මෙම එන මෙම කුලී ඇපකරුවන්  දෙදෙනා කපිලට ඇප තැබීමට අදාල ලේඛන පුරවන නිලධාරිණිය වෙත ගියේය. කපිල චන්ද්‍රසේන ඒ වනවිට හැමෝම දන්නා පුද්ගලයෙකි. සංචිආරච්චිවත්තේ ඔහුට මුස්ලිම් නෑයින් නැති බවට වූ සරල අවබෝධය හැමෝටම තිබිණි. කපිලට ඇප තබන්නට එන  මේ පුද්ගලයින් දෙදෙනා ගැන මුලින්ම හඳුනා ගන්නේ ඇප අයදුම්පත්වල ලේඛන කටයුතු කරන  නිලධාරිණියය.  ඒ මින් පෙරද විටින් විට විවිධ තැනැත්තන්ට ඇප තැබීමට මේ පුද්ගලයින් දෙදනා ඉදිරිපත් වූ බවට වූ මතකය සමගය.

ඇය කරන්නේ මේ ගැන වහාම උසාවියේ  රෙජිස්ටාර්ව දැනුම්වත් කිරීමය. අවසානයේ දී කපිලට ඇප තබන්නට පැමිණි මේ කුලී ඇපකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගන්නේය. මැයි 05 වැනිදා කපිලට ඇප ලැබෙන්නේ නැත.

පසුදින එනම් මැයි 06 වැනිදා  කපිල චන්ද්‍රසේන නිදහස් වන්නේ නියමිත ඇපකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. අරවින්ද සාක්ෂි දෙමින් අධිකරණයට කියන්නේ ඒ කතාවය. හොරට ඇප දෙන්නට පැමිණි උන්  දෙදෙනාගේ ඇපයෙන් කපිල චන්ද්‍රසේන එළියට ආවේ නැති වුවද හොර ඇප කරුවන් මගින් ඇප ලබා ගැනීමට ඔහු  උත්සාහ කළේය.  එහෙත් කතාව ගියේ හොර ඇපකරුවන් මගින් කපිල චන්ද්‍රසේන ඇප ලැබූ බවය.

කෙසේ වෙතත් කපිල චන්ද්‍රසේන අධිකරණයට වංචා කිරීමට උත්සාහ කර අතේ පත්තු වී තිබිණි. ඔහුගේ ඇප අවලංගු කර අත් අඩංගුවට ගැනිම සඳහා වරෙන්තුවක් අධිකරණය විසින් නිකුත් කළේය. එම වරෙන්තුව නිකුත් කර පැය කීපයකින් ඔහුගේ දේහය අරවින්දගේ නිවසේ තිබී හමුවන්නේ සිය දිවි නසා ගැනීමක් බවට සැක කරන ආකාරයේ සාධකත් සමගය.

කුලී ඇප කරුවන්ගේ කතාව
මේ කුලී ඇපකරුවන් සම්බන්ධව විමර්ශන විමර්ශන අංශ දැඩි බරකින් කරගෙන ගියේය. මක් නිසාද යත් කුලී ඇපකරුවන් යොදා කපිල චන්ද්‍රසේන ඝාතනය කර ඇති බවට හැඟවන කතා දේශපාලන වේදිකාවේ ඇසුණු බැවිනි. පොදු ජන පෙරමුණෙ මහලේකම් සාගර කාරියවසම්  පසුගිය 08 වැනිදා කීවේ මේ සිද්ධිය ඝාතනයක් ද යන්න සැක බවත් මේ පසුපස ඇති අල්ලස් කොමිසමේ ක්‍රියාකාරීත්වය සැක බවත්ය.

එබැවින් විමර්ශකයින් අත් අඩංගුවට පත් සැකකරුවන්ගෙන් පසු ඔවුන මේ කටයුත්තට ඉදිරිපත් කළ  බ්‍රෝකර්ලාත්  අත් අඩංගුවට ගෙන  ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කරගත්තේය.    අනතුරුව සැකකාර මුස්ලිම් ජාතිකයින් දෙදෙනාට ග්‍රාමසේවා සහතික නිකුත් කළ ග්‍රාමසේවක ගෙන්වා සාක්ෂි සටහන් කරගනු ලැබුවේය.

මේ පුද්ගලයින්ගේ ස්වරූපය වඩාත් හෙළිදරවු වන්නේ ග්‍රාමනිලධාරියාගේ සාක්ෂියෙනි. . අද දිනයේ දී අධිකරණයේ දී  ආනාවරණය වන පරිදි  පසුගිය මාස 05 තුළ මේ පුද්ගලයින් දෙදෙනා 17 දෙනෙකුට ඇප ලබා ඇත. ග්‍රාමසේවකවරයා සිය ලේඛන අනුව පෙන්වා දුන්නේ පදිංචිය සනාථ කිරීමේ සහතික 10ක් එක් පුද්ගලයෙක් ද  07ක් අනෙක් පුද්ගලයා ද ලබාගෙන ඇති බවය.

අද මේ පුද්ගලයින් සිවු දෙනාම තවදුරටත් බන්ධනාගාරගත කිරිමට අධිකරණය නියෝග කළේය.  ඒ අනුව  ලබන 20 වැනිදා දක්වා තවදුරටත් ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කෙරෙනු ඇත. මෙම සැකකරුවන් සම්බන්ධ විමර්ශන කටයුතු ඉදිරියට කරගෙන යන බව කෙසෙල්වත්ත පොලීසිය පවසා තිබේ.

කෙසේ වෙතත් ඇප තිස්සලාගේ කතාව සමාජයේ වෙනම මානයක් විවර කළ බව විශ්වාස කරමු.

-ඉඳුනිල් කහටපිටිය
-lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka