gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අඩුවට කාර් දෙන්න ආපු ආණ්ඩුව අමතර බද්දකුත් දාලා

විට්ස් කාර් එකක් ලක්ෂ 12කට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරුන් පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අද වන විට වාහන මත අමතර 50%ක බද්දක් පැනවීමට  කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

මෙම බදු පැනවීම නිසා වාහනවල මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටින බවත් දැන්වත් රටය විහිළු සහගත කතා ඉදිරිපත් නොකර ජනතාවගේ පැත්තෙන් 

ආර්ථිකය විධිමත් ලෙස කළමනාකරණය කරන්නට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ තිස්සමහාරාම වීරවිල පන්නෙගමුවේ දියබැදි විහාරයේ දී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක  මාගම මහානාම හිමි බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අවාර්තගත ලෙස රුපියල අවප්‍රමණය වෙමින් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශීඝ්‍ර ලෙස පහත වැටෙමින් පවතින බව කී විපක්ෂ නායකවරයා  මේ රුපියල අව ප්‍රමාණය වීම නිසා අනිවාර්යෙන්ම උද්ධමනය වැඩි වී, බඩු මිල වැඩි වී වියදම් හා පිරිවැය වැඩි වී සමස්ත ජන ජීවිතය කඩා වැටෙමින් තිබෙන්නේ යැයි කීය.

(අංජුල මහික වීරරත්න)
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka