gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ආන්දෝලනාත්මක හේලීස් ගල් අගුරු නැව හොරෙන්ම ඇවිත් ගොඩබාලත් ඉවරයි!

ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd විසින් පසුගියදා (අප්‍රේල් 26) ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් සහිත නෞකාවක් මෙරටට ගෙනවිත් ඇති අතර එදිනම ගොඩබෑමේ කටයුතු ආරම්භකර ඇතැයි වාර්තා වේ.

නොරොවෝලේ ලක්විජය බලාගාරය සඳහා හදිසි මිලදී ගැනීම් ප්‍රසම්පාදන යටතේ ඉන්දියාවේ M/s. Taranjot Resources (Pvt) Ltd සමාගමෙන් ගල් අඟුරු ටොන් ලක්ෂ තුනක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබිණි. 

එම සමාගමේ දේශීය නියෝජිතයා වන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි හේලීස් සමාගමයි.

මෙම ගල් අඟුරුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක්ම සිදුකර ඇති බවට මාධ්‍ය වාර්තා පලව තිබේ.

ඒ අනුව, මෙරට ගෙන ආ ගල් අඟුරු සාම්පල සම්බන්ධයෙන් දකුණු අප්‍රිකානු පැටවුම් වරායේ දී SGS  රසායනාගාරය විසින් සිදුකල ගල් අඟුරු පරීක්ෂණ වාර්තා අනුව, ගල් අඟුරු සාම්පල වල දළ තාපජනන අගය 6089  kcal/kg ක් ලෙසත් අළු ප්‍රතිශතය සියයට 14.9ක් ලෙසත්, සල්ෆ ප්‍රතිශතය සියයට 0.54  ක් ලෙසත් සඳහන් වන බව එම වාර්තාවල දැක්වේ.

තවද, මෙම ගල් අඟුරු තොගය පැටවීමෙන් පසු පැටවුම් වරායේදී ලබා ගන්නා ලද ගල් අඟුරු සාම්පල ලංකා ගල් අඟුරු සමාගම මගින්  පත්කරන ලද ‘බියුරෝ වෙරිටාස් (Bureau Veritas) පර්යේෂනාගාරයෙදී පැටවුම් වරායේදී ලබාගත් දෙවන සාම්පලය තත්ත්ව පරික්ෂාවකට ලක්කර ඇතැයි ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

එම පරීක්ෂා වාර්තාවලට අනුව ගල් අඟුරු සාම්පල වල දළ තාපජනන අගය 6052  kcal/kg ක් ලෙසත්, අළු ප්‍රතිශතය සියයට 15.1 ක් ලෙසත්, සල්ෆ ප්‍රතිශතය සියයට 0.63% ක් ඇතැයි පැවසේ.

ගොඩබාන වරායේ ජැටියේද, එනම් බලාගාරයේ ජැටියේද පරීක්ෂාවක් සිදු කිරීම සාමාන්‍ය ක්‍රමවේදයයි. 

එය ගැනුම්කරු පත්කළ පිළිගත් ස්වාධීන පරීක්ෂකවරයකු අතින් සිදුවෙයි. 

මෙහිදීද විකුණුම්කරුට, ගැනුම්කරුද පිළිගන්නා තවත් ස්වාධීන පරීක්ෂකවරයකු පත්කළ හැකිය. 

ඔහුට බලාගාර ජැටියේදී නියැදිය අධීක්ෂණය කළ හැකිය. 

විකුණුම්කරුගේ නියෝජිතයන් දෙදෙනකුට බලාගාරයේ ජැටියේදී නියැදිය විශ්ලේෂණ ක්‍රියාවලිය අධීක්ෂණය කළ හැකිය. 

පහසුකම් සැපයිය යුත්තේ ගැනුම්කරුයි. ගොඩබැම් කටයුත්ත තාමත් සිදුවන බැවින් එම සාම්පල ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

*  ⁠ලක්විජය බලාගාරය සඳහා භාවිත කිරීමට නියමිත ගල් අඟුරු වල සම්මත (Gross Caraific Valuve) දළ තාපජනන අගය 5900 kcal/kgක – 6,150 kcal/kgක් අගයක විය යුතුය.

*  ⁠එසේම, අළු ප්‍රතිශතය සියයට 11- 16% අතර විය යුතුය.

*  ⁠එසේම, සල්ෆ අගය සියයට 0.5 – සියයට 1%ත් අතර වීම අත්‍යවශ්‍යය .

මේ අතර මෙම ගල් අඟුරු ලක්විජය බලාගාරයෙදී සෘජුව සැපයීමෙන් පසු ශක්ති ප්‍රතිදානය විදුලිබල ශක්ති (Energy output) අගය පරික්ෂාකර ඇති අතර එහිදී මෙම ගල් අඟුරු සාම්පල ප්‍රමිතියට අනුකුල බවද එම පුවත් වාර්තා වේ දැක්වේ.

-srilankamirror
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka