gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඊයේ තෙල් මිල වැඩි කලේ කලින් කලා නම් මැයි දිනේට සෙනග නොඑන නිසා...

මැයි දිනයට ප්‍රථම ඉන්ධන මිල වැඩි කළේ නම් ජාතික ජන බලවේගයේ මැයි දින රැලියට ජනතාව පැමිණෙන්නේ නැති බව නිදහස් නීතිඥවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය (03) දින හැටන් නගරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කර සිටියේ සාමාන්‍යයෙන් සෑම මසකම පළමුවනදා සිදුකරන ඉන්ධන මිල සංශෝධනය මෙවර හිතාමතාම මැයි දෙවනදා දක්වා ප්‍රමාද කළ බවයි.

රජය මෙලෙස කටයුතු කළේ මැයි දින රැළිවලට ජනතාව ගෙන්වා ගැනීමට ඇති බිය නිසා බවත්, මෙය ජනතාව රැවටීම සඳහා කළ වංචාකාරී වැඩක් බවත් ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා විසින් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ දැඩි විවේචනයට ලක් කළ ගුණරත්න මහතා, නීතිඥවරුන් පවා සිදු නොකරන ආකාරයේ පූර්ව කථනයන් ජනාධිපතිවරයා විසින් අධිකරණ තීන්දු සම්බන්ධයෙන් සිදුකිරීම අධිකරණයට කරන ඇඟිලි ගැසීමක් බව පෙන්වා දුන්නේය.

මෙවැනි ප්‍රකාශ හේතුවෙන් විනිසුරුවරුන් අද වන විට බියෙන් යුතුව කටයුතු කරන බවත්, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස තමන් අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

මහ බැංකුවෙන් ඩොලර් මිලියන 2.5ක් පමණ සොරකම් කර ඇති බවට චෝදනා කළ ඒ මහතා, දූෂණය නැති කරන බව පවසා බලයට පත් වූ රජය යටතේ භාණ්ඩාගාරය පවා මංකොල්ලකෑමට ලක්ව ඇති බව සඳහන් කළේය. ගල් අඟුරු සහ කන්ටේනර් වංචා මගින් උපයාගත් මුදල් මැයි දින රැළි සඳහා මිනිසුන් සහ බස් රථ පොම්ප කිරීමට යොදා ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

රටේ ශක්තිමත් විපක්ෂයක් නොමැති වීම ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක් වී ඇති බවත්, නැවත රජයක් ඇති නොවන බවට පාලකයින් සිදුකරන ප්‍රකාශ මගින් මැතිවරණ නොපැවැත්වීමේ සහ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කිරීමේ අවදානමක් පවතින බවත් ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් විපක්ෂය ඒකාබද්ධ විය යුතු බවත්, ජනතාවට අවශ්‍ය වන්නේ වංචා දූෂණයෙන් තොර වැඩ කළ හැකි නායකයෙකු බවත් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙහිදී අවධාරණය කළේය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka