gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හැකරෙක් පැන අපේ සල්ලිත් උස්සලා..- ශ‍්‍රී ලන්කන්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවා සපයන ආයතනයක විද්‍යුත් තැපැල් ගිණුමක් හැක් කරමින් සිදුකළ වංචනික මුදල් ගෙවීමක් සහ ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගම් කාර්යාලයේ සිදුවූ බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් වාර්තා කර තිබූ සිදුවීම් ද්විත්වය පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සමාගම විශේෂ පැහැදිලි කිරීමක් නිකුත් කර තිබේ.

සෙනසුරාදා දින නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කළේ, ඩුබායි හි පිහිටි සිය සේවා සපයන්නෙකු වෙත ගෙවිය යුතුව තිබූ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩිරාම් 974,000ක මුදලක් ඔවුන් වෙත ලැබී නොමැති බවට තමන්ව දැනුවත් කළ බවයි.

ඒ පිළිබඳව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ තෙවන පාර්ශවයක් විසින් අදාළ සේවා සපයන ආයතනයේ විද්‍යුත් තැපැල් ගිණුමට අනවසරයෙන් ප්‍රවේශ වී , එහි බැංකු ගිණුම් විස්තර සහ සනාථ කරන ලියකියවිලි නිල සන්නිවේදන නාලිකා ඔස්සේ වෙනස් කර ඇති බවයි. මේ හේතුවෙන් එම වෙනස් කළ බැංකු ගිණුම සැබෑ සේවා සපයන්නාගේම යැයි විශ්වාස කරමින් ගුවන් සමාගම විසින් අදාළ මුදල් ගෙවීම් සිදුකර තිබේ.

මේ පිළිබඳව දැනගත් වහාම ක්‍රියාත්මක වූ ශ්‍රීලංකන් ගුවන් සමාගම, අදාළ බැංකු ගිණුමට සිදුකරන ඉදිරි ගෙවීම් වහාම අත්හිටුවීමට පියවර ගෙන ඇත. තවද මේ සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර ඇති අතර, දෙරටේම මේ වන විට විධිමත් විමර්ශන ආරම්භ කර තිබේ.

ගුවන් සමාගම වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අදාළ මුදල් ගෙවීම් සිදුකර ඇත්තේ නිල අත්සන් සහිත විද්‍යුත් තැපැල් උපදෙස් සහ ලියකියවිලි මත පදනම්ව වුවද, පසුව ඒවා හැක් කරන ලද ගිණුම හරහා වංචනික ලෙස සකස් කරන ලද ඒවා බව තහවුරු වූ බවයි. මෙම ගැටලුව පැන නැගී ඇත්තේ සේවා සපයන ආයතනයේ විද්‍යුත් තැපැල් පද්ධතියේ ආරක්ෂාව බිඳවැටීම හේතුවෙන් වන අතර, එය ගුවන් සමාගමේ පාලනයෙන් බැහැර වූවක් බැවින්, සේවා සපයන්නාට අදාළ මුදල් නොලැබීමේ වගකීම තමන්ට භාරගත නොහැකි බවද ශ්‍රීලංකන් ගුවන් සමාගම අවධාරණය කරයි.

මේ අතර, ඉන්දියාවේ චෙන්නායි නුවර පිහිටි ශ්‍රීලංකන් ගුවන් සමාගම් කාර්යාලයේ මුදල් අංශයේ සේවකයන් පිරිසක් විසින් කලක් තිස්සේ සිදුකර ඇතැයි කියන ඉන්දීය රුපියල් මිලියන 22ක මූල්‍ය වංචාවක් පිළිබඳවද එම නිවේදනය මඟින් කරුණු පැහැදිලි කර ඇත.

ගුවන් සමාගමට අනුව, ඉන්දීය ජාතිකයින් වන මෙම සේවකයින් පිරිස ඉන්වොයිසි, ගෙවීම් විස්තර සහ අත්සන් ව්‍යාජ ලෙස සකස් කරමින් මෙම වංචාව සිදුකර තිබේ. කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය විසින් සිදුකළ නිරීක්ෂණයකදී මෙම අක්‍රමිකතා හඳුනාගෙන ඇති අතර, ඒ මත වහාම අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇත.

විමර්ශන කටයුතු ආරම්භ වීමත් සමඟ අදාළ සේවකයන් සේවයට වාර්තා කිරීම පැහැර හැර ඇති අතර, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරමින් පවතින බව සමාගම පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය නීති බලාත්මක කිරීමේ බලධාරීන් වෙතද කරුණු වාර්තා කර ඇති අතර, විමර්ශන අඛණ්ඩව සිදුවන බවත්, සිදුවූ මූල්‍ය අලාභය අයකර ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ශ්‍රීලංකන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
-lankacnews
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka