gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

මුදල් ලේකම් ඉල්ලා අස්වෙන්න සූදානම්... තීන්දුව මේ සතියේ!

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

මහා භාණ්ඩාගාරය හරහා ණය වාරිකයක් ගෙවීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක රජයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයකට බැර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා රජයේ වගවීම සහතික කිරීම සහ විපක්ෂයෙන් එල්ල වන පීඩනය හේතුවෙන් එම ඉල්ලා අස්වීමේ තීරණය සලකා බලමින් සිටින බව සඳහන් වෙයි.

මීට පෙර හිටපු බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් මතු වූ අර්බුදකාරී තත්ත්වය හමුවේ පළමුව ක්‍රියාකළ ආකාරය සහ අවසානයේ ඉවත් වීමට ගත් තීරණය අතර ඇති රික්තය තුළින් මතු වූ ගැටලුකාරී තත්ත්වය ද යම් තීරණයක් ගැනීමට පාදක වනු ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි. 

එසේම, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ රංග නිශාන්ත මහතාගේ හදිසි සැක කටයුතු මරණය යම් තීරණාත්මක සාධකයක් ගැනීමට හේතු වී ඇති බව පැවසෙයි.

කෙසේ වෙතත්, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඉල්ලා අස්වීම හෝ නොවීම පිළිබඳ අවසන් තීරණය එළඹෙන සතිය තුළ ගැනීමට නියමිතව ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.

මේ පිළිබඳව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගෙන් විමසීමක් කළ අතර එම උත්සාහය ව්‍යර්ථ විය. 

එසේම ජාතික ජන බලවේගයේ ඉහළ තනතුරකින් සිදුකළ විමසීමකදී එවැනි තීරණයක් ගැනීමට හේතුවක් නැති බවද හෙතෙම ප්‍රකාශ කළේය.

සිරිමන්ත රත්නසේකර
- දිවයින 
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka