gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පල්ලේගම හේමරතන අත්අඩංගුවට ගැනීමට පෙර පොලිස්පති මහනායක හමුවී දැනුවත් කරලා!

ළමා ලිංගික අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක පූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

මහනුවර මල්වතු විහාරයට පොලිස්පති ප්‍රිියන්ත වීරසූරිය පෞද්ගලිකවම පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක හිමි හමුවී අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අත්අඩංගුවට ගැනීමට සිදුවන බව දැනුම් දී තිබේ.

පොලිස්පතිවරයා මල්වතු පාර්ශවයේ මහනායක හිමි හමුවීමට ආ මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යයට අවසර ලබාදී තිබී නැති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපමයකු ලෙස සැලකෙන අතර පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහනය වෙනුවෙන් නිල නොවන සහායෝගයද දක්වා තිබුණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka