gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කාන්තාවගේ සිත යකාටවත් තේරුම් ගන්න බෑ - ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු

ගැහැනියකගේ සිත අබිරහසක් යැයි සමාජයේ කියමනක් තිබුණද, එය යක්ෂයාටවත් තේරුම් ගත නොහැකි තරම් සංකීර්ණ වූ විට නීතියේ දෙවඟනට පවා කළ හැක්කේ කුමක්ද?

තම දරුවා බැලීම සඳහා විදේශගත වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගත් අවසරය බරපතළ ලෙස අවභාවිත කරමින් යළි මෙරටට නොපැමිණි කාන්තාවක අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (13) දැඩි නියෝගයක් නිකුත් කෙරිණි. එහිදී විවෘත අධිකරණයේදී විමතියෙන් යුතුව අදහස් දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිලිප් නවාස් මහතා ප්‍රකාශ කළේ, "කාන්තාවකගේ සිත යක්ෂයාටවත් තේරුම් ගන්න බැහැ" යනුවෙනි.

නිපුණි අත්තනායක නමැති මෙම කාන්තාව මුලින්ම අධිකරණයේ පිහිට පතන්නේ සිය පළමු සැමියා වන විරාජ් ගුණතිලකගෙන් රුපියල් මිලියන දහයක දික්කසාද වන්දි මුදලක් අපේක්ෂාවෙනි. කඩුවෙල දිසා අධිකරණයේ පැවැති එම නඩුවේ පොරොන්දු වූ පරිදි මුදල් නොලැබීම හේතුවෙන් ඇය එය අයකර ගැනීම සඳහා සිවිල් නඩු විධාන සංග්‍රහය යටතේ යළිත් අධිකරණයට ගියාය. එහෙත් ඒ වන විටත් ඇය වෙනත් අයෙකු හා විවාහ වී දරුවෙකු ද බිහිකර තිබූ අතර, ඇගේ නව සැමියා සහ දරුවා පදිංචිව සිටියේ ඩුබායි රාජ්‍යයේය.

පවතින නීතිමය ගැටලු මධ්‍යයේ රටින් පිටවීම වළකාලමින් අතුරු තහනමක් පනවා තිබූ ඇයට, ඩුබායිහි වෙසෙන සිය දරුවා දැකබලා ගැනීම සඳහා සතියක කාලයක් විදේශගත වීමට ශ්‍රේෂ්ඨාධිකරණය මානුෂීය හේතූන් මත අවසර ලබා දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන දිලිප් නවාස්, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම සහනය ලබා දුන්නේ ඇය යළිත් නියමිත දිනට අධිකරණය හමුවේ පෙනී සිටින බවට වූ ප්‍රතිඥාව මතය. එහෙත් ගුවන් ගමන් බලපත්‍ර සහ ප්‍රවේශපත්‍ර යැයි පවසමින් වෙනත් ව්‍යාජ ලියකියවිලි අධිකරණයට ඉදිරිපත් කර අධිකරණය ද නොමඟ යවා ඇති ඇය, පොරොන්දු වූ පරිදි යළි ශ්‍රී ලංකාවට පැමිණියේ නැත.

නීතියේ සරණ පතා පැමිණි තැනැත්තියක විසින්ම මෙලෙස උත්තරීතර අධිකරණය නොමඟ යැවීම හුදු පොරොන්දුවක් කඩකිරීමක් පමණක් නොව, සමස්ත අධිකරණ පද්ධතියටම කළ බරපතළ අපහාසයකි. වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිත් ද මැල් මහතා වෙත විනිසුරුවරයා දැනුම් දුන්නේ, පෙත්සම්කාරියට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වහාම නීතිමය පියවර ගන්නා ලෙසයි. ඇය කවර මොහොතක හෝ ශ්‍රී ලංකාවට පා තැබූ විගස ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට මේ වන විටත් නියෝග කර තිබේ.

තමන්ට සිදුවූ අසාධාරණයකට මිලියන ගණනක වන්දියක් ඉල්ලා නීතිය ඉදිරියට ආ ඇය, අද වන විට ජාත්‍යන්තරය දක්වා විහිදුණු නීතියෙන් පලායන චූදිතියක බවට පත්ව ඇත්තේ සියතින්ම කරගත් බරපතළ වරදක වන්දිය ගෙවමිනි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka