gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙයි

2022 මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගලකරුවන්ට එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට ප්‍රකාශ කළේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් ඇතුළත මෙලෙස අධිචෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවයි.

ගාලුමුවදොර සිදුවීමට අදාළව දේශබන්දු තෙන්නකෝන් සැකකරුවකු ලෙස නම් කරන ලෙස පොලිසියට නීතිපතිවරයා නිකුත් කළ නියෝගය බලරහිත කරන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණ විය.

ඒ.එච්.එම්.ඩී. නවාස්, අචල වෙංගප්පුලි සහ සම්පත් විජේරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවූ අතර, අදාළ අභියාචනය වැඩිදුර සලකා බැලීම සඳහා එළඹෙන සැප්තැම්බර් 2 වැනිදාට දින නියම කෙරිණි.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka