gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ඩයනා හඬා වැටෙයි.. මාව පිටුවහල් කළොත් මුහුදට තමයි දාන්න වෙන්නේ...

තමන් දැන් රටක් නොමැති සරණාගතයෙකු බවත්, තමන්ව පිටුවහල් කරන්නේ නම් සිදු වන්නේ මුහුදට දැමීමට පමණක් බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් පවසා සිටියා. ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව විභාග වූ අවස්ථාවේදී ඇය මේ බව සඳහන් කළා.

ශ්‍රී ලංකා පුරවැසිභාවය අහෝසි වී ඇති අතර එංගලන්ත පුරවැසිභාවයෙන් ද ඉවත් වී ඇති බැවින්, තමන් කිසිදු රටකට අයිති නැති ‘රටක් නොමැති පුරවැසියෙකු’ බවට පත්ව ඇතැයි ඇය සංවේදීව ප්‍රකාශ කළා. සියලුම ඥාතීන් එංගලන්තයේ ජීවත් වන බවත්, මෙරට තුළ තමන්ට හිමිව තිබූ සබඳතා හිටපු සැමියා විසින් ක්‍රමානුකූලව විනාශ කළ බවත් ඇය චෝදනා කළා.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරුද්ධ වුවද, හිටපු සැමියාගේ බල කිරීම මත ඊට පක්ෂව ඡන්දය දීමට සිදුවූ බවත්, ඉන්පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ කායික හා මානසික හිංසා පීඩා හේතුවෙන් තමන්ට රජයට එක් වීමට සිදු වූ බවත් ඇය සඳහන් කළා. තමන්ට එරෙහිව පවරා ඇති නඩු සියල්ල පිටුපස සිටින්නේ ද හිටපු සැමියා බවයි ඇය වැඩිදුරටත් අවධාරණය කළේ.

තමන් ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කළ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කළ ඩයනා ගමගේ මහත්මිය, ජීවිතයේ කිහිප වතාවක්ම නම සංශෝධනය කළ ද උප්පැන්න සහතිකය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් කිසිවිටෙකත් මතු නොවූ බව පැවසුවා. මෙම නඩුව 2024 වසරේදී නීතිපතිවරයා විසින් ගොනු කරන ලද අධිචෝදනා 3ක් යටතේ විභාග වන අතර, වැඩිදුර නඩු විභාගය ලබන ජූනි මස 2 වැනිදා දක්වා කල් තබා තිබෙනවා.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka