අනුරාධපුර දැරියගේ සිද්ධියෙන් පාර්ලිමේන්තුව කැළඹෙයි : මන්ත්‍රීවරියන්ගෙන් දැඩි තීරණයක්!
අනුරාධපුර ප්‍රදේශයේ දැරියක් ලිංගික අපයෝජනයට ලක්වීමේ ඛේදනීය සිදුවීමට අදාළ නීතිමය ක්‍රියාමාර්ග සහ එම දැරියගේ ආරක්ෂාව පිළිබඳව සොයා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වහාම මැදිහත් වීමට තීරණය කර තිබේ. අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම සංසදය, අදාළ සිදුවීම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කර ඇත.
මේ අනුව ශ්‍රී ලංකා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුළු වගකිවයුතු ආයතන සියල්ල කැඳවා ලබන ජුනි මස 5 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සමාජයේ දැඩි ආන්දෝලනයකට ලක්ව ඇති මෙම සිදුවීමට අමතරව, රට තුළ කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහිව සිදුවන සියලුම ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා පවතින නීති සහ ආයතන ව්‍යුහයන් බලගන්වන ආකාරය පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
විශේෂ අවධානය: මෙම නීතිමය ක්‍රියාවලීන් සමීපව අධීක්ෂණය කිරීම සහ රටේ සිදු කළ යුතු ආයතනික හා නීති ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යටතේ විශේෂ අනු කමිටුවක්ද පත් කර ඇත.
මන්ත්‍රීවරී සමන්මලි ගුණසිංහ සහ නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල යන මහත්මීන්ගේ මූලිකත්වයෙන් යුත් මෙම කමිටුව සඳහා හේමාලි වීරසේකර, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයක් ඇති මන්ත්‍රීවරියන් රැසක් සාමාජිකාවන් ලෙස නම් කර තිබේ.
මේ පුවත තව අයට බලන්න
අනුරාධපුර දැරියගේ සිද්ධියෙන් පාර්ලිමේන්තුව කැළඹෙයි : මන්ත්‍රීවරියන්ගෙන් දැඩි තීරණයක්!
2026-05-26T08:14:00+05:30
Gossip Lanka Hot News





