gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අපිව අන්දන්න එපා.. ගේ හැදුව හැටි හෙලි කරන්න.. ගහල පන්නන තැන පත්වෙන්න එපා..- රාජංගනේ හිමි.. (Video)

වත්මන් රජයේ කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ නිවස සහ ඒ සම්බන්ධයෙන් සමාජය තුළ පවතින කතාබහ පිළිබඳව රාජාංගණයේ සද්ධාරත හිමියන් ප්‍රකාශයක් සිදු කරමින් රජයට සහ අදාළ අමාත්‍යවරයාට දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිවස සහ ඔහු ලබාදුන් දානයක් පිළිබඳව කතා කරන බව පවසන උන්වහන්සේ, එම නිවස ලබා ගැනීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් චෝදනා එල්ල වන බවද පෙන්වා දෙති.

විශේෂයෙන්ම මෙම නිවස නිස්සංඛ සේනාධිපති විසින් ලබා දුන් එකක් බවට ඇතැමුන් පවසන බව උන්වහන්සේ සඳහන් කරති.

අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් "තමන්ට ඇමතුමක් ලබා දුන් සැනින් මිතුරන් සිය දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ පහ බැගින් කෝටි පහක මුදලක් ලබාගත හැකි" බවට සිදු කළ ප්‍රකාශය පිළිබඳව ද සද්ධාරත හිමියන් මෙහිදී ප්‍රශ්න කරති.

එම මිතුරන් කවුරුන්ද යන්න සහ මෙම නිවස ගොඩනැගූ ආකාරය පිළිබඳව පැහැදිලි හෙළිදරව්වක් කරන ලෙස උන්වහන්සේ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිති. "මිනිස්සු අන්දන්න හදන්න එපා, ඔබතුමා පැහැදිලිවම ඔය ගේ හදාගත්තේ කොහොමද කියලා හෙළි කරන්න" යැයි උන්වහන්සේ අවධාරණය කරති.

ජනතාව රවටන පාලකයන්ට අත්වන ඉරණම පිළිබඳව අතීත උදාහරණ පෙන්වා දෙමින් සද්ධාරත හිමියන් පවසන්නේ, යුද්ධය ජයග්‍රහණය කළ රාජපක්ෂවරුන්ට පවා ජනතාව මුලා කිරීමට උත්සාහ කිරීම නිසා අවසානයේ සැඟවී සිටීමට සිදු වූ බවයි.

ජනතා විශ්වාසය බිඳී ගියහොත් වත්මන් ජනාධිපතිවරයාට හෝ අමාත්‍යවරුන්ට පාරේ බැස යාමට නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බවට උන්වහන්සේ අනතුරු අඟවති.

තමන්ට මෙම ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා ගෙදර යැවීමේ කිසිදු වුවමනාවක් නොමැති බවත්, ඔවුන් අසාර්ථක වුවහොත් යළිත් බලයට එන්නේ පන්නා දැමූ හොරුන් බැවින් එය රටට විනාශයක් වනු ඇති බවත් සද්ධාරත හිමියන් පවසති.

ඔබතුමාලට සැප සම්පත් ලැබුණාට අපේ ප්‍රශ්නයක් නැහැ, හැබැයි ඒවා ජරා සල්ලි වෙන්න එපා යැයි උන්වහන්සේ පවසති.

තමන් මෙම ප්‍රකාශය කරන්නේ වෛරයකින් නොව, ජනතාව තැබූ අවසන් විශ්වාසය ආරක්ෂා කරමින් මෙම පාලනය සාර්ථක වනු දැකීමේ අභිලාෂයෙන් බවද සද්ධාරත හිමියන් වැඩිදුරටත් සඳහන් කර සිටිති

gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka