gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සිංගප්පූරුවේදී බයිපාස් කරගෙන රනිල් ලංකාවට එයි

පසුගිය 19 වනදා සිංගප්පූරුවේදී ශල්‍යකර්මයකට භාජනය වූ එක්සත් ජාතික පක්ෂ නායක හා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාවට ප්‍රථම යළි මෙරටට පැමිණීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අදාළ වෛද්‍ය ප්‍රතිකාරවලින් අනතුරුව ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව දැනගන්නට ඇත. රෝහල් පරිශ්‍රයෙන් නික්ම යාමට වෛද්‍යවරුන් විසින් අනුමැතිය ලබා දී තිබුණද, පූර්ණ සුවය ලැබීම සඳහා තවදුරටත් වෛද්‍ය නිරීක්ෂණය යටතේ විවේකීව ගත කිරීමට හිටපු ජනාධිපතිවරයා තීරණය කර තිබේ. 


ඒ අනුව, තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටීමෙන් පසු ඔහු දිවයින බලා පිටත්ව ඒමට නියමිතය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka