gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

භාණ්ඩාගාර කොල්ලයට නිලධාරීන් 07කගෙන් CID ප්‍රශ්ණ කරයි

මුදල් අමාත්‍යාංශය යටතේ පවතින විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් (රුපියල් කෝටි 75කට අධික) සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන දැඩි කර තිබේ.

මෙම විමර්ශනවලට අදාළව විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහ මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ණය කළමනාකරණ අංශයේ නිලධාරීන් හත් දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇත. පද්ධතියට ඇතුළු වූ ආකාරය පිළිබඳ ඩිජිටල් සාක්ෂි සොයා ගැනීම සඳහා අදාළ නිලධාරීන් භාවිත කළ පරිගණක කිහිපයක් ද අධිකරණ වෛද්‍ය පරීක්ෂණ  සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය  සමඟ එක්ව මෙම සයිබර් ප්‍රහාරයේ තාක්ෂණික පැතිකඩ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහාය ලබා ගැනීමට ද පියවර ගෙන ඇත. දේශසීමා හරහා සිදුවන මූල්‍ය අපරාධ මර්දනය කිරීම සඳහා දෙරට අතර පසුගිය වසරේ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමකට (MoU) අනුව මෙම සහයෝගීතාව ක්‍රියාත්මක වේ. ඒ අනුව, සොරකම් කරන ලද මුදල් ගලා ගිය ආකාරය සහ අපරාධකරුවන් සිටින ස්ථානය හඳුනා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දත්ත මේ වන විටත් ඔස්ට්‍රේලියානු බලධාරීන් සමඟ හුවමාරු කර ගනිමින් පවතින බව වාර්තා වේ.

මෙම වංචාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විනය පරීක්ෂණ නිමවන තෙක් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුගේ සේවය අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. 

ඔස්ට්‍රේලියානු ණය හිමියෙකු වෙත ගෙවීමට තිබූ විදේශ ණය වාරිකයක් සඳහා වෙන් කර තිබූ මුදල් මෙලෙස වංචනික ලෙස ලබාගෙන ඇත. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී, අදාළ ගෙවීම් දත්ත වෙනස් කිරීම මඟින් මෙම මුදල් වෙනත් ගිණුමකට හරවා ගෙන ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka