gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පැලවත්ත කාර්යාලයේ STF සහ පොලිස් නිලධාරීන් 200 ක් – ජවිපෙ රාජ්‍ය දේපොළ අවභාවිත කළැයි සුගීෂ්වර අල්ලස් කොමිසමට!

ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කළ බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පවසයි.

තමා ඇතුළු තම පක්ෂයේ නියෝජිතයින් කිහිපදෙනෙක් ඊයේ (08) දින බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයට ගොස් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හමුවීමට උත්සහ කළ බවත් එහිදී පොලිස් නිලධාරීන් 200 කට අධික පිරිසක් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් තම ගමනට බාධා එල්ල කළ බවත් පවසන සුගීෂ්වර බණ්ඩාර, එම කාර්යාලයේ නියෝජිතයෙකු, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඒ අවස්ථාවේදී පක්ෂ කාර්යාලයේ නොමැති බව සඳහන් කළ බවද පෙන්වා දෙයි.

ජනාධිපති, අගමැති, කැබිනට් අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් කිසිවෙකු නොමැති අවස්ථාවක අඩුම ගණනේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද නොමැති අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පොලිස් නිලධාරීන් 200 කට අධික පිරිසකගේ ආරක්ෂාව ලබාදුන්නේ කුමන පදනමකින්ද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව සුගීෂ්වර බණ්ඩාර පවසයි.

මේ ආකාරයට කිසිදු පදනමකින් තොරව පොලිස් නිලධාරීන් 200 කට වැඩි පිරිසකගේ ආරක්ෂාව ලබාගෙන ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය දේපළ අවභාවිතා කර ඇති බවත් මෙම කරුණු ගොනුකරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කරන බවත් ඔහු පවසයි.

රාජ්‍ය බලය යොදා ගනිමින් කිසිම හේතුවක් නොමැතිව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පොලිස් නිලධාරීන් 200 කට වැඩි පිරිසකගේ ආරක්ෂාව ලබාදීමට මැදිහත් වූයේ කවුද කියා ආණ්ඩුව විසින් රටට හෙළි කළයුතු බවද සුගීෂ්වර බණ්ඩාර වැඩිදුරටත් සඳහන් කර සිටී.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka