gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

පාස්කු ප්‍රහාරය හුදෙකලා සිද්ධියක් නොව 2017 සිට ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්!

2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාව කම්පා කරමින් එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, හුදෙක් ආගමික අන්තවාදීන් පිරිසක් විසින් සිදුකළ හුදෙකලා සිදුවීමක් නොවන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

වත්මන් විමර්ශන හරහා අනාවරණය වී ඇති කරුණු අනුව, මෙය 2017 වසරේ සිට ක්‍රමවත්ව සැලසුම් කරන ලද දීර්ඝකාලීන කුමන්ත්‍රණයක අවසන් ප්‍රතිඵලය බව අමාත්‍යවරයා අවධාරණය කරයි. අමාත්‍යවරයා පවසන පරිදි, දැනට ක්‍රියාත්මක විමර්ශන කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමකින් තොරව ස්වාධීනව සිදු කිරීමට කටයුතු යොදා ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරයට ලබන 21 වනදා වන විට අවුරුදු 7ක් සම්පූර්ණ වෙනවා. පහු ගිය කාලේ මේ සභාවේ 12 වතාවක් මේ සම්බන්ධයෙන් විවාද කරලා තියෙනවා. අධිකරණයේ නඩු විශාල ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන විභාග වෙනවා. ඒ වගේම 13 වන වතාවටත් කල් තැබීමේ විවාදයක් විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙනවා. මම දැක්කා එතුමා මහමොලකරු ගැන විමසුවා. සත්‍ය හෙළි කරන්න කියලා කිව්වා. අපි දැක්ක පහුගිය දවස් වල මහමොලකරු හොයාගෙන ගිහිල්ලා වාඩිවෙලා හිටියා.

අධිකරණයේ විභාග වන නඩු විශාල ප්‍රමාණයක් තියෙන නිසා සමහර කාරණා මට මේ සභාවට හෙළිකරන්න හැකියාවක් නැහැ. මේක හුදකලා තනි සිද්ධියක් නෙවෙයි. මේක සිද්ධි දාමයක්… පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙරාතුව සිද්ධි, පාස්කු ඉරිදා දිනයේ පිපිරීම්, ඊට පසුව සිද්ධියකුත් සහ මේ විමර්ශන ඔස්සේ අධිකරණ ක්‍රියාමාර්ග රාශියකුත් මේ වෙනකොට අරගෙන තියෙනවා.

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය යනු හුදකලා සිදුවීමක් නොව, එය 2017 වසරේ සිට ඉතා සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද දීර්ඝකාලීන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බව වත්මන් විමර්ශන මගින් අනාවරණය වී ඇති බවත් ආනන්ද විජේපාල පවසා සිටියා. ඔහු පෙන්වා දෙන්නේ මෙම මහා විනාශය දක්වා ගලා ආ සිදුවීම් පෙළ එකිනෙකට දාමගත වූ ක්‍රියාවලියක කොටස්කරුවන් පිරිසක් විසින් මෙහෙයවා ඇති බවයි.

ඒ අනුව, 2018 නොවැම්බර් මස වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය කිරීම, 2017 දෙසැම්බර් මස මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීම, 2019 ජනවාරි මස වනාතවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය ගබඩාව සොයා ගැනීම, 2019 මාර්තු මස තස්ලීම් යන අයට වෙඩි තැබීම සහ පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙර කාත්තන්කුඩි පාලමුන ප්‍රදේශයේ යතුරුපැදියක් පුපුරුවා හැරීම යන සියලු සිදුවීම් මෙම මහා කුමන්ත්‍රණයේම අදියරයන් බව විමර්ශන අංශ විසින් හඳුනාගෙන තිබේ. මෙම සිදුවීම් මාලාව මගින් පැහැදිලි වන්නේ එකම කණ්ඩායමක් විසින් සැලසුම් සහගතව මෙරට අස්ථාවර කිරීමේ අරමුණින් මෙම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කර ඇති බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ කුමන්ත්‍රණය කිරීම සහ ඒ සඳහා ආධාර අනුබලදීම යන චෝදනා යටතේ, 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මේ වන විට තුවාන් සුරේෂ් සලේ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි, මීට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගයේ පළමු සාක්ෂිකරු ලෙස නම් කර සිටි මොහු, 2024 ඔක්තෝබර් 11 වන දින ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙලෙස සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

“මේ සම්බන්ධයෙන් මේ වනවිට අභියාචනාධිකරණයේ නුඩු දෙකක් ගොනු කරලා තියෙනවා.  යුදහමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කර ඇති විශ්‍රාමික මෙජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය පාස්කු ප්‍රහාරයට පෙරාතුව ඉස්ලාම් අන්තවාදීන්ගේ සාහසික ක්‍රියා පිළිබඳව දැන සිටිමින් ඒවා වැළැක්වීමට හා හෙළිදරව්වීම ඕනෑකමින් වළක්වා ඇති බවත් පාස්කු ප්‍රහාරය සිදුවීමට අවකාශය සලසා ඇති බවටත් පාස්කු ප්‍රහාරයෙන් පසු මෙහෙයවූ පුද්ගලයින් පාර්ශව කණ්ඩායම් හෙළිදරව්වීම වැළැක්වීමට සෘජුව හා  වක‍්‍රකාරව  කටයුතු කර ඇති බවටත් ඒ අනුව පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණය හා ආධාර අනුබලදීමට කටයුතු කර ඇති බැවින් එවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකමට සම්බන්ධ වූ හෝ ප්‍රවේදීතාවක් දක්වන්නේ යැයි සාධාරණ යුක්ති සහගතව සැකකරුනු ලැබීමට අදාළව කරුණු වාර්තාවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ඇරගෙන තියෙනවා.”

හිටපු අමාත්‍යවරයෙකු වන ශිවනේසතුරයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යන අය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ව දැනුවත්භාවයකින් සිටි බවට වත්මන් විමර්ශන මගින් කරුණු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ මෙම මහා පරිමාණ කුමන්ත්‍රණය පිළිබඳව ඔහු සතුව තිබූ පූර්ව තොරතුරු සහ ඒ හරහා සිදුව ඇති සම්බන්ධතාවන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ඉතා නිවැරදිව සහ විධිමත්ව විමර්ශන මෙහෙයවමින් පවතින බවයි.

එසේම පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතක කණ්ඩායමේ නායකයා ලෙස සැලකුණු සහරාන් හෂීම්ට ඉහළින් සිට ඔහුව මෙහෙයවූ වෙනත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සිටින බවට මේ වන විට සාක්ෂි සහිතව තොරතුරු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සහරාන් යනු මෙම සැලසුමේ එක් පාර්ශවයක් පමණක් බවත්, ඔහු පිටුපස සිටි සැබෑ බලවේග සහ මෙහෙයවන්නන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විටත් ඉතා ගැඹුරු විමර්ශන පවත්වමින් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, එම විමර්ශනවල පවතින සංවේදීතාවය සහ ආරක්ෂිත බව සලකා ඒ පිළිබඳව අනාවරණය වී ඇති සුවිශේෂී කරුණු මේ මොහොතේ ප්‍රසිද්ධ කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka