මාගේ චචනයකින් හෝ කිසිවෙකු ඡන්ද දුන්නා නම් සමාවෙන්න.. JVP/NPP නොවන ඕනම බලවේගයකට එක්වෙනවා..- රත්න ශ‍්‍රී දියණිය
තමන් ලියූ සටහනක්, කළ ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් හේතුවෙන් යම් පාර්ශවයකට ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකු හෝ පෙළඹුණේ නම් ඒ පිළිබඳව තමන් සමාව ඉල්ලා සිටින බව ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ දියණියක වන සම්මානනී විජේසිංහ මහත්මිය ප්‍රකාශ කර සිටියි.
ඇය මේ බව සඳහන් කර ඇත්තේ සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමිනි.
ඉන්දීය ලේඛක දීප චෙල්ලන්ගේ කෘතීන් සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ක්‍රියාකලාපය විවේචනය කරමින් පළ කළ අදහස්වලින් අනතුරුව ඇය මෙම සටහන තබා ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඇය පෙන්වා දෙන්නේ යහපත් රටක් වෙනුවෙන් යමක් කළ හැකිනම් JVP/NPP කඳවුරෙන් බැහැර වෙනත් ඕනෑම පාර්ශවයකට සහයෝගය දැක්වීමට තමන් සූදානම් බවයි.
මේ පුවත තව අයට බලන්න
මාගේ චචනයකින් හෝ කිසිවෙකු ඡන්ද දුන්නා නම් සමාවෙන්න.. JVP/NPP නොවන ඕනම බලවේගයකට එක්වෙනවා..- රත්න ශ‍්‍රී දියණිය
2026-04-23T06:52:00+05:30
Gossip Lanka Hot News







