සුරේෂ් සලේ යටතේ ක්‍රියාත්මක වූ ගිරිතලේ හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් පිරිසක් පාස්කු ප්‍රහාරය මෙහෙයවලා - දිලීප පීරිස් හෙළිකරයි
පාස්කු ප්‍රහාරයේ තුන්වන සැකකරු වන හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ යටතේ ක්‍රියාත්මක වූ, ගිරිතලේ හමුදා කඳවුරේ සේවය කළ බුද්ධි නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්ව ඇති බවත්, ඔවුන්ගේ මෙහෙයවීම මත පාස්කු ප්‍රහාරය සිදු කර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරල් දිලීප පිරිස් අධිකරණය හමුවේ අනාවරණය කරනු ලැබීය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, මඩකලපුවේ සිටින මුස්ලිම් අන්තවාදීන්ට හෝ අයි.එස් (ISIS) සහ අල්කයිඩා වැනි ජාත්‍යන්තර ත්‍රස්තවාදී කණ්ඩායම්වලට පමණක් තනිවම මෙවැනි බෝම්බ ප්‍රහාරයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බවයි. මෙම ප්‍රහාරය සැලසුම් සහගතව මෙහෙයවූ “ප්‍රධාන ශක්තියක්” මේ පිටුපස සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, උපාලි තෙන්නකෝන් සහ කීත් නොයාර් යන මාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාරයන් පිටුපස සිටි කණ්ඩායමම මෙම ක්‍රියාවලියට සම්බන්ධ බවට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කරුණු දැක්වීය.
මෙම මහා විනාශය දීර්ඝ කාලයක් තිස්සේ සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද ප්‍රහාරයක් බව පැවසූ දිලීප පීරිස් මහතා, පාස්කු ප්‍රහාරයේ අටවන වසර සැමරීමට පෙර මෙහි සැබෑ වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවන බවට සහතික විය.
මේ පුවත තව අයට බලන්න
සුරේෂ් සලේ යටතේ ක්‍රියාත්මක වූ ගිරිතලේ හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීන් පිරිසක් පාස්කු ප්‍රහාරය මෙහෙයවලා - දිලීප පීරිස් හෙළිකරයි
2026-04-23T06:48:00+05:30
Gossip Lanka Hot News






