gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කඩවත හිමිනම මීට කලිනුත් හාමුදුරුවන් ලවා කුඩු ගෙන්වලා... එන මාසෙත් තව පිරිසක් යවන්න ඉඳලා!

වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි එකසිය දහයක් පමණ වන හෑෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 111ක තොගයක් ගමන් මලුවල සඟවා තිබියදී කටුනායක ගුවන් තොටුපළේදී පෙරේදා අත්අඩංගුවට ගත් හිමිවරුන්ගේ එම තායිලන්ත ගමන් සංවිධානය කළේ යැයි කියමින් අත්අඩංගුවට ගත් කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කළ හිමිනම මෙවැනි ආකාරයටම අවස්ථා දෙකකදී මත්ද්‍රව්‍ය තොග මෙරටට ගෙන්වා ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.

මෙම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අනාවරණය කර ගැනීමට එම හිමිනමගෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යයි.

මෙසේ එක් වතාවක් ගෙන්වා ගත් මත්ද්‍රව්‍ය තොගයක් මාලඹේ ප්‍රදේශයේ ස්ථානයක විකුණා ඇති බවට තොරතුරු ලැබී ඇති නිසා ඒ සම්බන්ධයෙන්ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මීට පෙර අවස්ථා දෙකකදී තායිලන්ත සංචාරයක් සඳහා ගිය හිමිවරුන් සම්බන්ධව තොරතුරු සොයාගෙන ඔවුන් සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කළ මෙම හිමිනම ලබන මැයි මාසයේද හිමිවරුන් කණ්ඩායමක් තායිලන්තයේ සංචාරයක් සඳහා යැවීමට සැලසුම් කර තිබී ඇතැයි පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇතැයි කියති.

කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන මෙම හිමිනම මිගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

මිගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් මෙම හිමිනම අධිකරණයට ඉදිරිපත් කර දින හතක කාලයක් සඳහා ඊයේ රැඳවුම් නියෝග ලබාගෙන ඇත.

තායිලන්තයේ බැංකොක් ගිය අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළේදී මත්ද්‍රව්‍ය තොග සහිත ගමන් මලු සමග අත්අඩංගුවට ගත් හිමිවරුන්ට එම ගමන්මලු දී ඇත්තේ ශ්‍රී ලාංකික විදේශිකයෙකු විසින් බවට එම හිමිවරුන් පොලිස් ප්‍රශ්න කිරීම් වලදී හෙළි කර ඇතැයි දැන ගැනීමට ඇත.

කඩවත ප්‍රදේශයේ විහාරස්ථානයක් වාසය කරමින් තායිලන්ත සංචාර, හිමිවරුන්ට නොමිලේ සංවිධානය කළ බව කියන හිමිනම මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙහෙයවන්නා ඇතැයි පොලිසියට තදබල සැකයක් මතු වී ඇතැයි කියති.
මෙම හිමිනමට හිමිවරුන් වෙනුවෙන් තායිලන්ත සංචාර නොමිලේ සංවිධානය කරන ලෙස උපදෙස් දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඒ සඳහා වියදම් වන මුදල් වැය කරන්නට ඇතැයි සැක කරන පොලිසිය ඒ සම්බන්ධයෙන්ද පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙවැනි සූක්ෂම උපක්‍රම යොදා මේ රටට මත්ද්‍රව්‍ය තොග වශයෙන් වරින් වර ගෙන්වීමට සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අය හඳුනාගෙන ඔවුන් කොටු කර ගැනීමටද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

මත්ද්‍රව්‍ය තොගය සමග පෙරේදා අත්අඩංගුවට ගත් හිමිවරුන් පස් දෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර දින හතක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන තිබිණි.

මෙසේ රැඳවුම් නියෝග ලබාගෙන ඇත්තේ හොරණ, බොරලැස්ගමුව, පිළියන්දල, ගම්පොල, වරකාපොල, අනුරාධපුරය සහ පන්නල යන ප්‍රදේශවල පිහිටි විහාරස්ථානවල වැඩ වාසය කළ අවුරුදු 19, 18, 25, 26, 29 යන වයස්වල පසුවන හිමිවරුන් පස් දෙනකුටය.
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ සහ එහි නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ උපදෙස් සහ මෙහෙයවීම යටතේ එම කාර්යාංශයේ විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka