gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙ­හිව මහා­ධි­ක­ර­ණයේ නව අධි­චෝ­දනා ගොනු කිරී­මට අල්ලස් කොමිසම තීරණ​ය කරයි

හිටපු මහ බැංකු අධි­පති අජිත් නිවාඩ් කබ්රාල් මහ­තාට එරෙ­හිව අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම කොළඹ මහා­ධි­ක­ර­ණයේ නව අධි­චෝ­දනා පත්‍ර­යක් ගොනු කිරී­මට තීරණය කර ඇතැයි අල්ලස් කොමි­සම පව­සයි.

ග්‍රීක බැඳු­ම්ක­ර­වල ආයෝ­ජ­නය කිරී­මෙන් රජ­යට රුපි­යල් බිලි­යන 1.84කට වඩා පාඩු­වක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති නඩු­වෙන් කොන්දේසි සහි­තව නිද­හස් කිරී­මට හේතු වූ කොන්දේසි සපුරා නොමැ­ති­වීම මත මේ අධි­චෝ­දනා පත්‍රය ගොනු කරන බව අල්ලස් කොමි­සම සඳ­හන් කළේය.

නව නඩු­වේදී අජිත් නිවාඩ් කබ්රාල් මහ­තාට පම­ණක් අධි­චෝ­දනා පත්‍ර­යක් ගොනු කිරී­මට නිය­මිත බව කී අල්ලස් කොමි­සම පෙර නඩුවේ සෙසු චුදි­ත­යන්ට අධි­චෝ­දනා පත්‍ර­යක් ගොනු නොක­රන බවද කීවේය. අල්ලස් කොමි­සම විසින් පෙර පව­රන ලද නඩු­වට අදා­ළව රජ­යට සිදු වූ ඇස්ත­මේ­න්තු­ගත පාඩුව මාස තුනක කාල­යක් තුළ ආපසු ගෙවන බවට කොන්දේ­සි­යක් මත අජිත් නිවාඩ් කබ්රාල් මහතා නඩු­වෙන් නිද­හස් කර තිබුණි.

නව අධි­චෝ­දනා පත්‍රය අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­සම විසින් අනු­මත කර ඇති බව එහි ඉහළ නිල­ධා­රි­යෙක් දින­මි­ණට පැව­සීය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka