gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

HSBC ලොක්කා තිගැස්සූ 286ට ගත් ඉන්ධන මිල සංශෝධනය අදයි.. ඇස්තමේන්තුව ලීටරයට 700ක්.. කම්කරු සිත් රිදේ කියා කියන්නේ මැයි දිනේ පන්නලා!

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පිරිවැය මත පදනම්ව සිදුකෙරෙන මෙරට මාසික ඉන්ධන මිල සංශෝධනය අද (30) දිනට යෙදී තිබුණ ද, එය මැයි මස 02 වැනිදා (අනිද්දා) දක්වා කල් දැමීමට රජයේ අවධානය යොමුව තිබේ.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල, නැව් ගාස්තු සහ මෙරට බදු අනුපාතයන් සැලකිල්ලට ගනිමින් මෙම මිල තීරණය කරනු ලබයි. මෙවර මිල සංශෝධනයේදී විශේෂයෙන්ම ඩීසල් මිල ඉහළ අගයකින් වැඩි කිරීමට යෝජනා වී ඇති අතර, ජාත්‍යන්තර කම්කරු දිනයට (මැයි 01) පෙර එවැනි මිල වැඩි කිරීමක් සිදු කිරීම දේශපාලනිකව නුසුදුසු බවට ඉදිරිපත් වූ යෝජනාවක් මත මෙම කල් දැමීම සිදුවන බව දැනගන්නට ඇත.

මෑතකදී බොරතෙල් බැරලයක් ඩොලර් 286ක් වැනි ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන නෞකා තුනක පිරිවැය මෙවර මිල සූත්‍රයට එක් කිරීමට සිදුව තිබේ. 

මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රජය මෙහිදී පාඩුවක් දරා නොගන්නේ නම්, පිරිවැයට සාපේක්ෂව ඩීසල් ලීටරයක මිල රුපියල් 700 ඉක්මවා යා යුතු බවයි.

කෙසේ වෙතත්, රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පිරිවැයෙන් යම් ප්‍රමාණයක් භාණ්ඩාගාරය මගින් දරා ගනිමින් ජනතාවට සහනයක් සැලසීමට රජය තීරණය කර ඇති බවයි. 

ඒ අනුව ඩීසල් ලීටරයක නව මිල රුපියල් 500ක සීමාවේ හෝ ඊට මදක් වැඩි අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අදාළ මිල සංශෝධනය පිළිබඳ නිල නිවේදනය මැයි දිනයෙන් පසුව නිකුත් කිරීමට නියමිතය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka