gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

අනුරාධපුරයේ ප්‍රධානම විහාරස්ථානයක ප්‍රසිද්ධ නායක භික්ෂුවක් 15 හැවිරිදි දැරියක් දූෂණය කරලා!... ළමා හා කාන්තා කාර්යංශය උසාවියට දැනුම්දෙයි... පියා ලොකු මුදලකට දැරියව විකුණලා

අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන පෙළේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් ඇතුළු තිදෙනෙකු 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලෙස දූෂණය කළ බව කියන සිද්ධියට අදාළව පුළුල් විමර්ශනයක් කර අධිකරණයට වාර්තා කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් වික්‍රමරත්න ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කළේය.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය බී වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

මෙම අපරාධය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය සඳහන් කළේ, තමන්ට ලැබුණු තොරතුරකට අනුව, කළ සෝදිසි කිරීමකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ ලැගුම්හලක තම පෙම්වතා බව කියන පිරිමි පුද්ගලයෙකු සමඟ රැඳී සිටියදී පොලිස් භාරයට ගත් බවයි.

පොලිස් භාරයට ගත් බාලවයස්කාර දැරිය ගම්පහ මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට ඉදිරිපත් කළ බවත්, බාලවයස්කාර දැරියගේ පෙම්වතා බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත්, ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයට දැනුම්දුන්නේය.

මෑත දින කිහිපයකදි සහ මෙයට පෙර අවස්ථා කිහිපයකදී අදාළ දැරිය දුෂණයට ලක්ව ඇති බව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා තහවුරු කර ඇතැයි පොලිසිය අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව මෙම අපරාධය පිළිබද 15 හැවිරිදි බාලවයස්කාර දැරියගෙන් ප්‍රශ්න කිරීමේ දී තමා මුලින්ම දූෂණය කළේ අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් බව ඇය පැවසූ බව ද ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයට දැනුම්දුන්නේය.

අනතුරුව සිය පෙම්වතා සහ ඥාතීත්වයෙන් තමාට මස්සිනා වන පුද්ගලයෙකු ද තමන් දූෂණය කළ බව දැරිය ප්‍රකාශ කර ඇති බව ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය අධිකරණය හමුවේ සඳහන් කළේය.

චෝදනා ලැබ සිටින විහාරාධිපති ස්වාමීන්වහන්සේගෙන් පැය 3 කට අධික කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, විහාරස්ථානයේ ස්ථානීය පරීක්ෂණයක් සඳහා වින්දිත බාල වයස්කාර දැරිය එම ස්ථානයට රැගෙන ගොස් විමර්ශනයක් සිදුකළ බවත් අධිකරණයට දැනුම්දුන්නේය.

මෙහිදී අධිකරණය හමුවේ අනාවරණ වුණේ දැරියගේ පියා සහ මව අදාළ විහාරාධිපති හිමියන්ගෙන් වරින් වර විශාල මුදලක් ලබාගනිමින් තම බාලවයස්කාර දියණිය එම හිමියන්ට ලබාදී ඇති බවයි.

කරුණු සලකා බැලූ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් වික්‍රමරත්න මෙම සිද්ධියට අදාළව පුළුල් විමර්ශනයක් කර එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයට නියෝග කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka