gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

ගල් අගුරු වාර්තාව වෙනස් කරන්නැයි විඝණකාධිපතිට ලොක්කෙකුගෙන් දැඩි බලපෑම්!

ගල් අඟුරු ගනුදෙනුවට අදාළ විගණන වාර්තාව වෙනස් කරන ලෙස බල කරමින් පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක සභාපතිවරයෙකු විගණකාධිපති දෙපාර්තමේන්තුවට දැඩි බලපෑම් සිදුකර ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අනාවරණය කළේය.

අදාළ සභාපතිවරයා අවස්ථා කිහිපයකදීම එම ආයතනය වෙත ගොස් මෙලෙස බලපෑම් එල්ල කළ බවත්, ඒ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමන්ව දැනුවත් කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එල්ල වූ සියලු අභියෝග හමුවේ නොසැලී සිටි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගල් අඟුරු පිළිබඳ සත්‍ය තොරතුරු ඇතුළත් වාර්තාව රට හමුවේ තැබීමට කටයුතු කිරීම අගය කළ යුතු බව මෙම රහුමාන් මහතා පැවසීය.

වගකීම් සහගත පාර්ලිමේන්තු කමිටු සභාපති ධුරයක් දරන පුද්ගලයෙකු මෙවැනි අයථා බලපෑම් සිදු කිරීම බරපතළ විනය විරෝධී මෙන්ම සදාචාර විරෝධී ක්‍රියාවකි.

රජයේ පාර්ශවකරුවන් තමන්ට අවශ්‍ය පුද්ගලයෙකු විගණකාධිපති ධුරයට පත් කර ගැනීමට පෙර අවස්ථාවලදී ගත් උත්සාහය පිටුපස මෙවැනි වංචා වසා ගැනීමේ අරමුණක් තිබූ බවට දැන් සාධාරණ සැකයක් මතු වේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස තමන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka