gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘අර පචයා නේද යන්නෙ’ ජනාධිපති පාරෙ යද්දි මිනිස්සු අහනවා - අර්චුනා

ජනාධිපතිවරයා සිය ධුර කාලයෙන් පසුව සාමාන්‍ය ජනතාව අතරට යන විට, ජනතාව ඔහුව හඳුනා ගනු ලබන්නේ ‘බොරුකාරයෙකු’ ලෙස බවත්, පාරේ යන විට ‘අර පචයා නේද මේ යන්නේ’ යැයි ජනතාව විමසන තත්ත්වයක් උදාවනු ඇති බවත් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු ලෙස ‘ටකරමකට ලක්ෂයක් දෙන්නම්’ වැනි ප්‍රකාශ සිදු කරන බවයි.


එහෙත් එක් තකරම් තහඩුවක් සඳහා රුපියල් ලක්ෂයක් ලබා දුන් අවස්ථාවක් තමන් කිසිදා දැක නොමැති බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


මෙලෙස අසත්‍ය ප්‍රකාශ කරමින් ඉතිහාසයේ ‘පච ජනාධිපතිවරයා’ ලෙස නමක් පටබැඳී ගෙදර යන විට දැනෙන වේදනාව කොතරම් දැයි තමන්ට නොවැටහෙන බව පවසන රාමනාදන් මහතා, එවැනි තත්ත්වයක් තුළ නැවත පාරේ බැස යාමට පවා නොහැකි වනු ඇති බව පෙන්වා දුන්නේය.


ජනාධිපති ධුරයේ සිටිය හැකි වුවද, ඉන් පසුව ජනතාව අතරට යන විට ‘අර පචයා යනවා නේද? මේ අර පචයා නේද?’ කියා විමසන විට ඇතිවන තත්ත්වය පිළිබඳව සිතා බලන ලෙස ද මන්ත්‍රීවරයා සභාවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka