gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

කිසිම රස්සාවක් නොකල ලාල් කාන්ත දැවැන්ත ගෙයක් හැදුවේ කොහොමද? - අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතාට අයත් කඩුවෙල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නව නිවස සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස කිසිම රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකර පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වී රට වෙනුවෙන් සේවය කරන අතරතුර මෙවැනි සුඛෝපභෝගී නිවසක් සතුකර ගැනීම, අයථා මුදල් ගනුදෙනුවලින් උපයා ගත් දේපළක් ද නැතහොත් සත්‍ය වශයෙන්ම ඔහුගේ සාධාරණ වත්කම්, දේපළ මත ලැබූවක් ද යන්න සැක සහිත බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් මෙම දේපළ අල්ලස් කොමිසමට වාර්ෂිකව ලබා දිය යුතු වත්කම් බැරකම් ප්‍රකාශවල සටහන් කර තිබේ දැයි ප්‍රකාශ කරන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස් කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.

සුජීව තත්සර
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka