gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

යුද්දය කණපිට හැරේ... ඉරානය ගැහුවත් ගහන්න ඇමරිකාවට මිසයිල නෑ... අලුතෙන් හදන්න වසර ගණනක්!

සති හතක් පුරා ඉරානය සමඟ පැවති දරුණු යුදමය වාතාවරණය හේතුවෙන් ඇමරිකානු හමුදාව සතු ප්‍රධාන පෙළේ මිසයිල තොග ශීඝ්‍රයෙන් අවසන් වෙමින් පවතින බව CNN පුවත් සේවය වාර්තා කරයි. මින් ඉදිරියට තවත් මහා පරිමාණ යුද්ධයක් ඇති වුවහොත් ඇමරිකාව දැඩි අවදානමකට ලක්විය හැකි බව උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානය (CSIS) පෙන්වා දෙයි.

මිසයිල තොග අවසන් වූ ආකාරය

CSIS වාර්තාවට අනුව, ඉරාන යුද්ධයේදී ඇමරිකාව සිය අවි ගබඩාවල තිබූ නිරවද්‍ය ප්‍රහාරක මිසයිල (Precision Strike Missiles) වලින් 45% ක් පමණ ද, THAAD මිසයිල නාශක පද්ධතිවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ද, පේට්‍රියට් (Patriot) ගුවන් ආරක්ෂක මිසයිලවලින් 50% ක් පමණ ද භාවිතා කර අවසන්ය.

මීට අමතරව, ටොමහෝක් (Tomahawk) මිසයිලවලින් 30% ක් සහ අනෙකුත් දිගු දුර ප්‍රහාරක මිසයිල වර්ග රැසක තොග ද සැලකිය යුතු ලෙස ක්ෂය වී තිබේ.

ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය මෙම වසර මුලදී මිසයිල නිෂ්පාදනය වේගවත් කිරීම සඳහා ගිවිසුම් අත්සන් කර තිබුණද, දැනට පවතින හිඟය පියවා ගැනීමට තවත් වසර 3 සිට 5 දක්වා කාලයක් ගතවනු ඇති බව වාර්තා වේ.

පවතින සටන් විරාමය බිඳ වැටුණහොත් ඉරානයට එරෙහිව මෙහෙයුම් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් අවි ආයුධ දැනට ඉතිරිව තිබුණද, චීනය වැනි ප්‍රබල සතුරෙකු සමඟ සටන් කිරීමට තරම් අවි තොග දැන් ප්‍රමාණවත් නොවන බව පෙන්වා දෙයි.

"මෙම අධික පිරිවැය සහ අවි ක්ෂය වීම හේතුවෙන් පැසිෆික් කලාපයේ ඇමරිකානු ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල අනතුරක් මතු වී තිබෙනවා. මෙම තොග යළි පිරවීමට වසර කිහිපයක් ගතවේවි," යැයි CSIS හි කර්නල් මාර්ක් කැන්සියන් මහතා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, මෙම වාර්තා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පර්නෙල් කියා සිටියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග පරිදි ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක මෙහෙයුම් දියත් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ඇමරිකානු හමුදාව සතු බවයි. ජනාධිපති ට්‍රම්ප් යටතේ ඇමරිකානු හමුදාව සතු ශක්‍යතාවන් ඉතා ඉහළ මට්ටමක පවතින බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka