gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

බූස්සේ චමින්ද ඝාතන කතාවට නව හැරවුමක්! හඬපටය ගැන බරපතළ සැකයක්!

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ශ්‍රව්‍ය පට කිහිපයක් පිළිබඳව පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශගේ අධීක්ෂණය යටතේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මෙම විමර්ශන කටයුතු සිදු කරන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව, අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත, බූස්ස බන්ධනාගාර ජේලර්වරුන්, බන්ධනාගාර අධිකාරීවරයා සහ දෙමටගොඩ චමින්ද ඇතුළු පාර්ශව කිහිපයකගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව ඇත.

මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මෙම කතාබහ සහ ශ්‍රව්‍ය පට බොහෝවිට සැලසුම්ගතව නිර්මාණය වූ කටකතාවක් විය හැකි බවයි. විශේෂයෙන්ම, බූස්ස බන්ධනාගාරයෙන් ඔහු වැලිසර නාවික හමුදා කඳවුරට මාරු කිරීමේ සැලසුම්වලට බාධා කිරීමේ අරමුණින් මෙවැනි තොරතුරු පැතිරවී ඇති බවට විමර්ශකයන් සැක පළ කරයි.

මෙම සිද්ධියට සම්බන්ධව සමාජ මාධ්‍ය හරහා තොරතුරු බෙදා හැරූ පුද්ගලයන් පිළිබඳවද වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.

දෙමටගොඩ චමින්ද, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී සිටින අතර, දැනට බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂිතව රඳවා සිටී. 

මේ පුවත තව අයට බලන්න
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka